නමුත් සිදු වූයේ අනපේක්ෂිත සිදුවීමකි.
මඳ දුරක් එකිනෙක ළං වූ දැවැන්ත පවුරු හතර එක්වරම නිසොල්මන් වූයෙන් සියලු දෙනාම සැනසුම් සුසුම් හෙලූහ.නමුත් ඒ සුළු මොහොතකට පමණි.නැවත වරක් විශාල ශබ්දයක් ඇසෙන්නට විය.මෙවර ඔවුන් සිටිනා ශෛලමය වේදිකාව සෙමෙන් භ්‍රමණය වෙමින් තිබිණි.එය නිශ්චිත භ්‍රමණ වේගයක් අත්පත් කරගත් පසු ඔවුන් වට කරගෙන තිබූ පවුරු දෙකක් අංශක හතළිස් පහක පමණ කෝණයකින් ඉහළට එසවී වෘත්තාකාර දොරටුවක් මතු විය.එහි බිත්ති ඉතාමත් සුමට ලෝහමය නිමාවකින් යුක්ත වූ අතර මඳ ආනතියකින් යුතුව එය කෙලින්ම පොලෝ ගර්භය දෙසට විහිදී තිබිණි.එක්වරම ඇතිවූ දෑස් නිලංකාර කරවන තරමේ ආලෝකයත් සමඟම මොවුන් සිටි වේදිකාව එක් කොනකින් එසවී ගියේ පෙර කී ගුප්ත දොරටුව දෙසට විශාල ආනතියක් සිටින පරිදිය.ඇසිල්ලකින් සියලු දෙනා උමඟය තුලින් පහළට ලිස්සා ගිය අතර ඔවුන්ගේ කෑ ගැසීම ඇසීමට කිසිව්ව්කු සිටියේ නැත.
********************************************
SH-02 සෙවුම් බලඇණිය
ඊජිප්තු මහා පිරමීඩය අසළ
වර්ෂ 2021
"SH-02 අමතන්න........ඔබට මොනවහරි දෙයක් පේනවාද? "
"මේ SH-02 පළමු පෙළ සෙවුම් බලඇණිය.මට ඔබව ඇහෙනවා.විශේෂිත කිසිම දෙයක් නම් පේන්න නෑ! "
"දිගටම සෝදිස්සි කරන්න....BF-01 කණ්ඩායම ගැන මොනවාහරි හෝඩුවාවක් ලැබුනොත් ඒ වෙලාවෙම මට දන්වන්න."
"මේ හාදයෝ කොහේ ගියාද මන්දා,ලෑන්ඩ්ස්පීඩර් එක ඇතුලට වෙලා හිටියානම් අපිට හොයාගන්න ලේසීනේ"
මයික්‍රෆෝනය පසෙකින් තැබූ සෙවුම් බල ඇණි ප්‍රධානියා තමාටම පවසා ගත්තේය.
"සර් අපි අද උදේ ඉඳන්ම සෝදිස්සි කරනවා.මතුපිට පේන්න කිසිම දෙයක් නෑ,සැටලයිට් ඉමේජස් වලට අනුව නම් පිරමිඩ් එක වටේට සමහර තැන්වල අඩි හයකට වඩා වැලි ගොඩ ගැහිලා තියෙනවා කුණාටුව නිසා.මෙහෙම කිව්වට සමාවෙන්න සර්...ඒත් එයාලා පණ පිටින් ඉන්න පුලුවන් සම්භාවිතාවය නම් ගොඩක් අඩුයි."
"මම ඒක දන්නවා....ඒත් අපි තව ටිකක් සෝදිස්සි කරමු"
සෙවුම් බල ඇණි ප්‍රධානියා පැවසුවේය.
සැබවින්ම ඔවුන්ට එහි සොයාගැනීමට කිසියක් නොවීය,අනපේක්ෂිත හමා ආ වැලි කුණාටුව මගින් එහි ඉතිරි වී තිබූ සියලුම සාක්ෂි මකා දමා තිබිණි.අදුර වැටෙන තුරු පිරික්සුම් සිදු කල සෙවුම් බල ඇණි හිස් අතින්ම ආපසු ගියහ.

තම යානයෙන් බැසගත් රැම්සේ විශාල පිරමීඩාකාර ගොඩනැගිල්ලක් වෙත ඇවිද යන්නට විය.කාලයාගේ ඇවෑමෙන් වැලි හා දුහුවිලි තැන්පත් වී එහි හැඩය මනා ලෙස නොතිබුණත් අවුරුදු දහස් ගණනක් නිද්‍රාගතව ගත කළ තම නිවහනෙහි හා මෙහි කිසිදු වෙනසක් නොවූයේ ඒවා එකම නිර්මාණකරුවා විසින් එකම කාර්යය සඳහා නිමවන ලද සර්වසම ගොඩනැගිලි දෙකක් වූ බැවිනි.ඔහු දොරටුව වෙත ආසන්න වීමත් සමඟම විශාල හඬක් නඟමින් ප්‍රධාන පිවිසුම් ද්වාරය විවර වූයේ රැම්සේගේ ජාන සඳහා කේතගතකොට තිබූ සංවේදකවලට අවුරුදු දහස් ගණනක් ගත වූවත් ඔහුව හඳුනාගැනීමට අපහසු නොවූ නිසා විය යුතුය.

ලූකස් කෙමෙන් අවදි වන්නට විය.තමා සිටින්නේ කොහිදැයි යන කාරණය පිළිබඳ ඔහුට හරි හැටි නිනව්වක් නොවීය.ඒ වන විට ඔහුගේ හිස රෙදි පටි කිහිපයකින් ඔතා තිබිණි.අපහසුවෙන් හිස අල්ලාගෙන සිටගත් ඔහුට දකින්නට ලැබුනේ ශාන්ත මුහුණින් තමා දෙස බලා සිටින වෙල්ෆ්ස් මහාචාර්යතුමාය.
"ලූකස් දැන් ඔයාට කොහොමද?"
"මටනම් ලොකු අමාරුවක් නෑ මහාචාර්යතුමා,ඔබතුමාට මොකද?"
ලූකස් ඇසුවේ තවමත් වේදනා ගෙනදෙන හිසේ අමාරුව නොතකමිනි.
"ලූකස්....ඔබතුමා දවස් දෙකක් සිහියක් නැතුව ඔය විදියට හිටියා.....තව ටිකක් ඔහොම රෙස්ට් කරන්න."
"ඒත් අපි මේ කොහෙද ඉන්නේ? කෝ අපේ අනික් කට්ටිය?? නිදාගන්න නෙවේ දෙවියනේ අපි මෙතනින් ගැලවිලා යන්න ඕනෙ!!!"
ලූකස්ගේ වදන් ආවේගාත්මක විය.
"තව ටිකක් ඔහොමම නිදාගෙන නැගිටින්න.මම ඊට පස්සෙ මේව පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.අපි අනිවාර්යයෙන්ම මෙතනින් ගැලවිලා යනවා."
මෙසේ පැවසූ වෙල්ෆ්ස් ඔහුගේ ගමන් මල්ලේ තිබූ විදුලි පන්දමක්ද රැගෙන කුටියේ කෙළවරකට ගමන් කරනු පෙණිනි.
මඳ වේලාවකින් ලූකස්ගේ දෑස පියවී ගියේ ඔහුටත් නොදැනීමය.
මතු සම්බන්ධයි.....
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
[කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා]
Facebook පිටුවට "like" එකකුත් දාලම යන්න.