මේ දවස් වල වැඩ ටිකක් වැඩි නිසා හුඟ කාලෙකින් blog එක අප්ඩේට් කරේ නෑ,ඒත් තියෙන වැඩ ටිකක් පස්සට දාල මේ පෝස්ට් එක දාන්න හිතුනෙ මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසා.හවස නිව්ස් වලට කිව්වා ඇහුණා තවත් අපේ "නුවණක්කාර" සහෝදරියක් සිය දිවි හානි කරගෙන කියලා,මෙච්චර කාලයක් කවුරු කොහොම කිව්වත් මගෙ හිතේ විශ්වාසයක් තිබුණා facebook තහනම් කරන එකක් නෑ කියලා,ඒත් අද හවස ඒ විශ්වාසයත් නැතුව ගිය හින්දා තමයි මේක ලියන්න තීරණය කලේ.
පල් හෑලි කියන්නෙ නැතුව ඔන්න පටන් ගත්තා :-/
ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ළමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව ඔබට පැහැදිලි වනු ඇත.
තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ වෙනුවට මා ඔබට වෙනත් ක්රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා කිරීමයි.
Tor ජාලය යනු කුමක්ද
Tor ජාලය යනු ලොව පුරා සිටින පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු
ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත.
ජාලයේ නිල වෙබ් අඩවිය වනුයේ www.torproject.org වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක.
Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදු වන්නේ කුමක්ද
Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT, Dialog, Mobitel,Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.
ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ?
නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.
ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ?
මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.torproject.org මඟින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.ඒ සඳහා එම වෙබ් අඩිවයට පිවිස එහි ඇති Download Tor මත ක්ලික් කර ලැබෙන වෙබ් පිටුවේ Download මත ක්ලික් කිරීමෙන් ඔබට මෙය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.
මීට අමතරව ඔබගේ ip ලිපිනයන් සැඟවීම හෝ වෙනස් කිරීම මගින්ද එම අවහිරතාවය ඉවත් කරගත හැකිය.මේ සඳහා proxy sites භාවිතා කරන්න,google ස්ර්ච් කිරීමෙන් ඕනෑතරම් ප්‍රොක්සි සයිට්ස් සොයාගත හැකිය.
Eg:- www.hidemyass.com
ip ලිපිනයන් සැඟවීමටද මෘදුකාංග ඕනෑතරම් අන්තර්ජාලයෙන් භාගත කරගත හැකිය.
අවසාන වශයෙන් කිව යුතු කරුණ වන්නේ මේ ක්‍රම සාර්ථක වන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ෆේස්බුක් සඳහා යම්කිසි තාක්ෂණික අවහිරතාවයක් සිදු කළ විටදී පමණි,කිසියම් ලෙසකින් රජය විසින් ශ්‍රී ලාංකිකයන්ගේ ගිණුම් ෆේස්බුක් අඩවියෙන් ඉවත් කර දමන ලෙස facebook සමාගමට නියම කළහොත්....................... මගේ වචන වලින් කියනවානම්, "සොරි තමා" :-( [ අපිටයි රජයටයි දෙගොල්ලටම]
ඊයේ හවස 33000.lk site එකත් block කරලා දාලා රාජ්‍ය විරෝධී දේවල් තියෙනවා කියලා,සමහර විට මගෙ blog එකටත් ඒ සෙතේම වෙයි තව ටික දවසකින් :-P
ඕං මං ගියා !!! :-)