මම මේ කියන්න යන කතාව මීට අවුරුදු පහකට විතර කලින් වෙච්ච දෙයක්.ඒ කාලෙ මම එකොළහ වසරේ.අපේ ඉස්කෝලෙ තිබුණා IT exhibition එකක්.ගොඩක් අයට මතක ඇති මම හිතන්නේ මේ ගැන.ඒක කරේ අපේම අයියලා තමා.ඔය කාලෙ අපිටත් ඕනකම තිබුනෙ බුල කෙලින්න.ඉතින් අපි හතර දෙනෙක් එකතු වෙලා "D-Secure" කියලා Computer Controling Security System එකක් හැදුවා,(කට්ටිය බය වෙන්න එපා මෙහෙම කිව්වට,වැඩි දෙයක් නෑ.simple port programming යූස් කරේ,coding කරේ VB 9 වලින්) මේ වැඩ හින්දා ඉතින් අපි හැමවෙලාවෙම වගේ පංතියෙ නෑ,ස්පෙෂලි සයන්ස් වලට.(ඇතතම කියනවනම් මට ඒ කාලෙ science වලට note book එකක් වත් තිබුණෙ නෑ,අපේ පංතියෙ ගොඩක් අයට එහෙමයි,ඒ ඉතින් විෂයට තිබුන අකමැත්ත නෙවේ,අපේ සයන්ස් සර් කෙලියෙම බුල, O/L results කියන්න ගියාම මගෙන් හිනාවෙලා ඇහුවා මොකක්ද පුතා C එකක්ද තියෙන්නේ කියලා,results කිව්වාම ඉතින් උඩ ගියා) කොහොමහරි ඔය කාලෙ අපි වයිස් ප්රින්සිපල් සර්ගෙ ඔෆිස් එකේ පදිංචි වෙලා හිටියේ,exhibition එක ළං උන දවස් වල කස්ටියම හෝ ගාලා වැඩ,අපිත් කොහොමහරි අපේ ජිංජිබිරිස් එක යන්තම් අටවලා ඉවර කරගත්තා.අපේ වැඩ ටික ඉවර නිසා අයියලා අපිට එක එක වැඩ පවරන්න ගත්තා,කොහොමහරි අපිට දුන්න කබල් ප්රින්ටර් එකක් එක්ක A4 කොල සෙට් එකක්,ඉන්විටේෂන් ලෙටර්ස් ප්රින්ට් කරන්න කියලා,එහෙම කියලා කිව්වා ලෙටර්ස් ටික ඉස්කෝල වලට ගිහින්ම දෙන්න කියලා,මොකද ඒ වෙද්දි පෝස්ට් කරන්න කාලයක් තිබුනෙ නෑ.අපේ අයියලා ඉතින් අර මොකක්ද උනාට පස්සෙලුනේ මොකක්ද එක හොයන්නේ(තේරෙන්නෙ නැත්තම් හිතන්න එපා).
කොහොමහරි ඉතින් එදා හවස් වෙද්දි ලෙටර්ස් ටික ප්රින්ට් කරලා ඉවර කරා,ඉස්සරහ බුක්ශොප් එකට ගිහින් ලියුම් කවර සෙට් එකක් ගෙන්නගෙන උණු උණුවේ සුවඳ හමන ලියුම් කඩදාසි එක එක තුනට නවලා ලියුම් කවර වලට ඔබලා වැඩේ ඉවර කරා.මාරම සීන් එක උනේ පහුවදා උදේ,උදේම අයියලා ටික කියපි "මල්ලිලා අපි ලියුම් ටික ගිහින් දෙන්නම් අපිට ඇඩ්රස් ටික ලියලා දෙන්න" කියලා,අපේ උන්ට ඉතින් මාරම මල.ඇයි යකෝ අර කසි කබල් ප්රින්ටර් එකක් එක්ක දඟලලා දවසක් තිස්සේ ලෙටර්ස් ප්රින්ට් කරේ කහනවටවැයි.
මේකෙ කියන්න බැරි උන එක දෙයක් තියෙනවා.ඇත්තටම අපි ඕව ප්රින්ට් කරේ අයියලාට උදව් කිරීමේ අති උතුම් අභිමථාර්තයෙන් නෙවේ.ඒක වෙනම යටිකූට්ටු ප්ලෑනක්."D-Secure" ටීම් එකේ හිටියා අපේ බුවෙක් කුරුණෑගල ප්රසිද්ධ බාලිකා පාසලක කෙලි පොඩිත්තකට බැල්ම දදා හිටපු.ඔය කියපු පොරගෙ උවමනාවට තමා ඉතින් සිද්දිමන්ට් එක උනේ.
කොහොමහරි ඉතින් අන්තිමට වැඩේ කෙල උන නිසා ඌ මාර අස්පට් එකෙන් හිටියේ,අපිටත් ඒ කාලෙ හිතුනා ඉතින් මොන මඟුලටද මේකා ඉස්කෝලෙට යන්න හදන්නේ කියලා.ඉස්කෝලෙ ඇතුලට ගිහින් කෙල්ලගෙන් යාලුවෙන්න අහන්නවැයි.ඒත් පස්සෙ තමා තේරුනේ ඒක මහ අමුතුම මිෂන් එකක් කියලා.
කොහොමහරි එදා උදේ 9 විතර වෙද්දි අපේ අයියලා ටික ලියුම් ටික හොයාගෙන අපි හිටපු පොට් එකට ආවා.
"ආ මල්ලිලා....කොහොමද වැඩේ ඉවරයි නේද දැන්? (ලිපියක් අතට ගෙන කියවමින්)
"බලන්න අයියේ පුළුවන් විදියට කරා ඉතින්....අයියලා බිසි නම් අපිට පුලුවන් ඉන්විටේෂන් ලෙටර්ස් ටික ගිහින් දෙන්න "
"අඩෝ උඹලට කෙල්ලො ටෝක් කරන්න තව කල් තියෙනවා බං.අපිම වැඩේ කරන්නම්."
එක්වරම අපේ මල්සරා බුවා ඉස්සර විය.
"අයියේ ගර්ල්ස් එකේ ලෙටර් එකනම් මම ඊයෙ ඒ ඉස්කෝලෙ අදුරන මැඩම් කෙනෙකුට දුන්නා"(අපේ ඉස්කෝලේ lady teachersලට කියන්නේ මැඩම් කියාය.)
කොහොමහරි අන්තිමට ඉතින් වැඩේ මාට්ටු.දැන් ඉතින් හැමෝම දන්නවා ඇතිනේ මොකක්ද මේ අනික් ඉස්කෝලෙ කියලා.
කොහොමහරි අර බුවා එහෙම කියද්දි අපි සේරම ඩිම් වෙලා ගියා.ඇයි ඉතින් මේකා කෙලින පච.අනික දැන් මූ මේ මොකක්ද කරන්න යන්නේ කියලා අපි කාටවත් හිතාගන්න බැරුව ඇත්තේ.ටික වෙලාවක් මහා පතරංග ජාතකේ දිග ඇරගෙන වගේ කියව කියව හිටපු අයියලා සෙට් එකයන්න ගියා.උන් දොරෙන් එළියට ගිය ගමන්ම අපි අරූව වටකරන් ඇහුවෙ මොකක්ද ඔය කරන්න යන වැඩේ කියලා.එක පාරටම මේක කියපු දෙයින් මට හීන් දාඩිය දැම්මා.(වෙන මොනවත්නම් උනේ නෑ හරී???)
"තරිඳු,උඹයි මායි දෙන්න තව ටිකකින් ගර්ල්ස් එකට යන්න ඕනෙ මේක දෙන්න"
මතු සම්බන්ධයි.....