ඒ හමුවීම වෙද්දිත් එයා හිතන් හිටියේ
අපි දෙන්නා අළුතින්ම අඳුනාගත්තා කියලයි.
ඒත් ඇත්තටම මේ කොලුව එයාව ගොඩක් කල්
ඉඳන් දැනගෙන හිටියා.
පොඩි කාලෙ ඉඳන්ම එයා
ඇහැට කනට පේන කෙලි පොඩිත්තියක්.
සමහරවිට මේ කතාව අහලා ඔයාලා මට බනීවි.
හය හතර නොතේරෙන කාලෙ ඉඳන්
ආදරේ කරන්ඩ යනවා කියලා.
ඒත්
ඒක මටත් නොදැනී කොහේදෝ ඈතක ඉඳලා
ඇවිත් මගෙ හිතේ පැල පදියම් වෙච්ච
අහිංසක සිතුවිල්ලක්.
මේ හදුනාගැනීම මිතුදමක් බවට පෙරලුනා.
ඒකට ගොඩාක් හිතවත් යාලුවෝ කියන නම
දෙන්න තරම් දුරක් ගියත්.....
කාලෙ වේගෙන් වේගෙන් දුවලා යද්දි
අපි දෙන්නටම නොදැනී අපි දෙන්නම
වෙන වෙන ලෝක වලට ගිහින්.
මල්සරාල මේ පාර නම් ඉලක්කෙ වැරදිලා නෑ ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවනේ ඉතින්
කාලෙ මිටින් ඇරපු කුරුල්ලෙක් වගේ
පියාඹලා ගියා.
අපි දෙන්නම
අපේ අනාගතේ ගැන හීන මැව්වා.
ඒත්,
පේරාදෙණි සරසවියට ආවට පස්සේ
හන්තානත් එක්ක ආදරෙන් වෙලිලා එන
හීතල හුළං
එයාගෙ හිත වෙනස් කරාද කොහෙද,
අර හින්දි සෝ වල වගේ
පටන් ගත්ත දා ඉඳන් ආතල් එකේ සොමියෙ
ආදරේ කරන්ඩ ලැබුනෙ නැති උනත්
මේ කොලුව
ඒ අහිංසක කෙලීව පරිස්සම් කරගෙන
ලොකු දුර ගමනක් ආවා.
මතක් වෙනකොට නොදැනුවත්වම ඇස් දෙකට
කඳුලු එනවා.
"ජබොහ්"
අක්බාර් පාලම උඩ ඉඳගෙන
මහවැලි ගඟට ගලක් ගැහුවෙ
හිතට දැනෙන පාළුව ඉවසගන්නම බැරි තැන.
නිහඬතාවය හිත පිස්සු වට්ටනවා......
කඳුලු බිමට වැටෙන්න කලින් පිහදාගන්න හිතලා
මූණ ළඟට අත ගත්තේ
මේ කඳුලු ගැන මහ පොළව වත් දැනගන්නවට
මේ කොලුව අකමැති උන නිසයි.
"අම්මෝ ඒව ලෝදිය වගේ"
ඒත් එකපාරටම
කම්මුල දිගේ රූටගෙන ආපුු උණු කඳුලු බිංදුවක්
හොරෙන්ම ගඟට වැටුනා.
ඇයි මේ කඳුලු?? කොල්ලො අඬන්නෙ නෑ ලු නේ!!
ඔව් ඉතින් හැමෝම හිතන්න එහෙමයි
" ජබොහ්"
ඒ මොකක්ද ඒ ආයෙත් සැරයක්?????
ගල් කැටේට වඩා සද්දෙකින්
කඳුලු බිංදුව ගඟට වැටිලා
කඳුලු මෙච්චරටම බරද?????
මීට කලින් මෙහෙම දෙයක් වෙලා නෑ නේ!!!
ඇත්තටම මේ කොලුවා මීට කලින්
ඒ කෙලී වෙනුවෙන්
කඳුලු වියදම් කරලා තිබුනෙ නෑ
ඉස්සර මේ පාළම උඩින් අත් අල්ලගෙන
හිනාවෙවී යනවා
අද උදේ රොබෝසියා ගහකුත් මං දිහා
කින්ඩියට වගේ බැලුවා
"හැමෝටම මාව එපා වෙලා දැන්"
සයින්,කොස්,ටෑන් අතරෙ හිර වෙලා හිටියත්
මහවැළි ගඟෙන් එගොඩ මෙගොඩ කියලා
ලොකු වෙනසක්
මේ කොළුවට දැනුනෙ නෑ
මොකද,
අක්බාර් පාළම ඒ දෙපැත්ත යා කරපු නිසා
"ඒත් මං වැරදී"
මෙච්චර දෙයක් වෙලත්
කෙලීට වැරැද්ද පටවන්න කොලුවගෙ හිත අදි
මදි කරනවා.
හිතට ඇතුලෙ එක එක පෙරළි වෙද්දි
මං බලන් හිටියෙ ගඟේ වතුර ගලාගෙන යන දිහා
මගෙ කඳුලු ගැන හොඳට දන්න
මේ ගඟේ වතුරවත් මට ආදරේ ඇති........
මේ කොළුව තමන්ගෙ ඔලුව උස්සන්න
ට්‍රයි කරනවා
ඒත් ඒක හරිම බරයි
ඔව් ඉතින් මේක ඇතුළෙ එළියට දාපු නැති කඳුලු
කොච්චර ඇද්ද
මං ඔලුව පාත් කරගෙනම නැගිට්ටා
මට හිතුනෙ ජීවත් වෙලා ඇති කියලාමයි.
"ඒයි මෝඩයා,උඹ කැම්පස් ආවෙ ඕකටද??"
කව්දෝ කතා කරනවා ඇහුනා එක පාරටම
කෝ කවුරුවත් නෑ නේ!!
මගෙ මොළේ නරක් වීගෙන එනවද කොහෙද
මොකක්?
ඇත්ත නේන්නම්
මගෙ මොළේ නරක් වෙලා තමයි.
කොළුවා එක පාරටම පාත් කරගෙන හිටපු ඔළුව ඉස්සුවා
උස්සගෙන හිටපු දකුණු
කකුල ආයෙත් බැම්ම උඩින් තියාගත්තා.
එක පාරටම ආපහු හැරුණු මේ හාදයා පාළම
උඩින් ඈතට ඇවිදගෙන ගියා.
ඔහු රොබෝසියා ගහක් ළඟ නැවතුනා
ඇස් දෙකන්ම කඳුලු බේරෙනවා
ඒත් මූණෙ තිබුණෙ අමුතුම හිනාවක්
රොබෝසියා ගහක් දිහා ළඟ නැවතුන
මේ කොළුවා ගහ දිහා කින්ඩියට වගේ බලලා
මෙහෙම කිව්වා
"ඔයාටයි වැරදුනේ"
නිදුකින් ඉනු මැන මට වඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා.....
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා.....
මම විඳින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා.....
සසරෙ කොතැනක මට ලැබුණු දුක
ඔබට ලැබෙනු එපා.....
දිනෙක ආයෙත් ළංවෙලා.....
නාවත් මා සොයා.....
හැමදාමත් පෙම් කළා......
මාගේ සිත් පුරා.....
රන්ඬු කරගෙන යාලු වෙන්නට
හිටියෙ මට ඔබ විතරමයි.....
වෙන්ව යන ඔය දෙනෙත දුටුව ම
දැනෙන තනිකම අපමණයි.....
ඉස්සර මතකෙන් යන්න හැදුවත්
යන්න බැහැ සත්තයි.....
තිස්සෙ ම කඳුළැල් දෑසෙ රැඳුණේ
ඉන්න බැරි තැනමයි.....
ළංව හිටි ඔබ වෙන් ව ගිය විට
දැනෙන දුක අහසට සමයි.....
හංඟගෙන තව ඉන්න බෑ මට
ඔබට ගැති සිත අසරණයි......
කොච්චර සතුටින් ඉන්න තිබුණත්
ඉන්න බැරි අපටයි......
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
රත්තරන් ඔබමයි....
මේ ටික සිංදුවක්,දිමංක වෙල්ලලගේ ගායනා කරන්නෙ,ලිව්වෙ කවුද කියලානම් දන්නෙ නෑ,ඒත්
කතාවට ගැලපෙනවා කියලා හිතපු නිසයි දැම්මේ.මේක අහලා නැති අය ඉන්නවානම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
[කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා]