මම හැරෙන තැපෑලෙන්ම දමලා ගැහුවෙ කියන්න වෙන දෙයක් හිතාගන්න බැරුව.මට හිතුනෙම මූට ජීවත් වෙල ඇති වෙලා වෙන්න ඕනෙ කියලා.ඒත් ඉතින් හිත යටින් පොඩි ආසාවකුත් තිබුනා මේ වැඩේට සෙට් වෙන්න.අනික දැන් කොහොමහරි ඉන්විටේෂන් ලෙටර් එක දෙන්නත් එපැයි.නැත්තම් අන්තිමට ඒ වැරැද්දත් අපිටමනේ එන්නේ.කොහොමහරි අන්තිමට මම වැඩේට සෙට් වෙන්න තීරණය කරා.
මුලින්ම අපි කරේ Google Maps ආධාරයෙන් ඉස්කෝලෙ බිල්ඩිං වල දළ සැලැස්මක් හිතේ ඇඳගත්ත එක.කොහොමහරි ඒව හද්ද පරණ මැප්ස් නිසා ඒව ගැන නම් වැඩි ශුවර් එකක් තිබුණේ නෑ.ඊට පස්සෙ ඉස්කෝලෙ වයිස් ප්‍රින්සිපල් ලා ටිකකගේ නම් කට පාඩම් කරගත්තා,ඒ ඉතින් උවමනාවටම නෙවේ,උවමනා උනොත් කියලා.
සාමාන්‍යයෙන් පිරිමි පාසැල් වලට ඇතුල් වෙන එක නම් ගින්නක් නෑ.මොකද ඒවගෙ සික්කො මාරම ෆිට් බුවාලා.ඒත් බාලිකා පාසැල් වල එහෙම නෑු.උං ඉස්කෝල වල ප්රින්සිපල්ලටත් වඩා බලවත්,ඒ වගේම රෙස්පට්.උං හිතන් ඉන්නෙ උන්ට පොලිස් බලතල තියෙනවා කියලා.ඒත් අපි එව්වට සැලෙනවද???? එහෙම සැලිලා මේ වැඩ කරන්න බෑ කොහොමත්.(අපි සයන්ස් ඩේ එක කරද්දි මේ ප්‍රශ්නෙ ටිකක් තදට ආවා.මොකද සික්කට ඉන්විටේෂම දුන්නට අදාල සෙක්ශන් එකට පණිවිඩේ යන්නෙ නෑ නේ,ඒ වගේ අමාරුකාර සික්කෝ සඳහා අපි පත් කරලා හිටියේ ඒ වගේම අමාරුකාර කොල්ලෝ,එතකොට තමා උන් සික්කගෙ කනෙං රිංගල නහයට ළණුව දාලා අවශ්‍ය කර්තව්‍ය ඉවර කරගෙන එන්නේ)
දැන් ඉතිං අපි දැනුමෙන් සන්නද්ධයි,අති භයානකයි,ඒ වගේම මාරාන්තිකයි.(Armed & Extremely Dangerous).හැබැයි ඔය වෙනකොටත් අපේ ටීම් එකේ අනික් උන් දෙන්නට කිසිම ශුවර් එකක් තිබුනෙ නෑ අපි මයිල් ගහකටවත් හානියක් නොවී ආපහු එයි කියලා.උන් දෙන්න අපි දිහා බලන් හිටියේ නිකන් අවසන් ගමන් යන උං දෙන්නෙක් දිහා බලනවා වගේ.කොහොමහරි ඔෆිස් එකේ ඉඳන් පහළට ඇවිත් ඔලුවෙ වතුර ටිකක් ගාගෙන කොණ්ඩෙ හදාගත්තා(මොනව උනත් කෙල්ලෝ ගොඩක් මැද්දටනේ යන්නේ) .එහෙම කරලා ඉතින් අපේ ඉස්කෝලෙ සික්කා අංකල්ට සීන් කෝන් එක කිව්වාම පොර අපිට යන්න දුන්නා.(එයා නම් හරිම හොඳයි.....ගෙදර යනවා කිව්වාමත් යන්න දෙනවා.A/L කාලෙ ඉතින් හැමෝම වගේ රෙජිස්ටර් එක මාක් කරලා ගෙදර යනවනේ.රෙජිස්ටර් එක මාක් කරලා ගෙදර ගිය එර්ලි ම රෙකෝඩ් එක තියෙන්නේ 7.18 a.m මම හිතන්නෙ නෑ මේක තවම කවුරුවත් කඩලා ඇති කියලා.)
දකුණු පැත්තෙන් මීගමු පාර දිගේ ඇවිදන් ඇවිත් පුත්තලම් හංදියට ආවා.මෙන්න බොලේ මාත් එක්ක ගිය අනිකට බඩගිනි ලු.කොහොමහරි අපි කඩේකට ගිහින් කෑවා.එහෙම කරලා කන්‍යාරාම මාවත් දිගේ ගිහින් කොන්වන්ට් එක ලඟින් කොළඹ පාරට වැටුනා.මේ වෙද්දි නම් ඉතින් හිතට ජුන්ජුන් බයක් ඇවිත් තිබුණා.බොරු කියන්න ඕන නැහැනේ.ඊට පස්සෙ අපි පාරෙන් අනික් පැත්තට පැනලා අදාල ඉස්කෝලෙ පැත්තට ඇවිදගෙන ගියා.ආයෙත් තාප්පෙ ළඟ නැවතිලා පොඩි වෙච්ච ඇඳුම් හදාගත්ත අපි දෙන්නා වැඩර්ලා වාගෙ ගේට් එක ඉස්සරහට ගියා.
"නවතින්න....කොහෙද ඔය දෙන්නා යන්නේ."
සික්කා ඇන්ටි ලොකු සීන් ටෝන් එකෙන් එඩිතරව කතාකරනවා ඇහුණා.මම නම් එහෙම්මම දත් මිටි කාගෙන නැවතුනා.(අරූත් එහෙම තමයි),
මතු සම්බන්ධයි.....
[කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා]