"දෙවියනේ ඒක වැහුනා නේද? අපි මේකෙ හිර උනා"
දොරටුව වැසෙන ශබ්දය පරයා නැඟුණු ජෝන්ගේ හඬින් සැවොම තිගැස්සී ගියහ.
එක්වරම පොළව දෙදරන්නට පටන් ගත්තේය.එය ගමන් කරනා බවක් සියලු දෙනාටම දැනෙන්නට විය.කතා කරන්නට මුව විවර කළද කිසිවෙකුගේ මුවින් කිසිදු වචනයක් පිට වූයේ නැත.
සැබවින්ම මෙම ස්ථම්භාකාර ව්‍යුහය සෝපානයක කාර්යය ඉටු කරන බව පෙනිණි.ආරම්භයේදී මඳ වේගයකින් චලනය වූ එය ක්‍රමයෙන් වේගවත් වන බව සියලු දෙනාටම පසක් විය.මහා පිරමීඩය සතර කොනින් ඉහළට එසවී තිබූ ලෝහමය ස්ථම්භ සතර නැවතත් අබිරහස් ලෙසින් පොළව තුල ගිලී යමින් පැවතිණි.
*******************************************
තම යානය රතු පැහැ පොළව සිපගන්නා විට රැම්සේ දිගු සුසුමක් හෙලීය.අවුරුදු දස දහස් ගණනකට පෙර රූස්ස වනාන්තර,නිල්වන් දිය දහරා සහ මනරම් කඳු පංති වලින් සමන්විත වූ එය මේ වන විට ජල බිඳකුදු සොයාගත නොහැකි රත් පැහැ පස් වලින් පමණක් සමන්විත් මුඩු භූමියක් බවට පත්වී තිබිණි.භූමියේ සමහර ස්ථාන වල ජලය ගලාගෙන ගිය සළකුණු තවමත් ඉතිරි වී තිබුනේ ආමෙන්වරුන්ගේ ආයුධ නිසා ක්ෂණිකව වාෂ්ප වී ගිය ඇළ දොළ ගංගා සිහිකරමිනි.ව්‍යාපෘතියේ අවසාන දිනයක ආමෙන්වරුන් සිදුකල විශාල පිපිරීමක් හේතුවෙන නිබිරු ග්‍රහලොව එය එතෙක් භ්‍රමණය වූ කක්ෂයෙන් ඉවතට චලනය වූ ආකාරය රැම්සේට ඉතා හොඳින් මතකයේ තිබිණි.සැබවින්ම එය සෝගෝවරුන්ගේ සියලුම බලාපොරොත්තු විනාශ වී ගිය දිනයක් විය.නමුත් නිබිරු ග්‍රහලොව සූර්යයාගෙන් මඳක් ඈත කක්ෂයක නැවතත් ස්ථාවරව කක්ෂගත වූ විට ඔවුන්ගේ බලාපොරොත්තු නැවත වරක් මල් ඵල ගත්තේය.

අතීතයේ සෝගෝවරුන්ගේ නිජබිම වූ නිබිරු ග්‍රහලොව සහ ඒ අසළම තිබූ සුමරු ග්‍රහලොව එකිනෙකා වටා භ්‍රමණය වෙමින් එකම කක්ෂයක ගමන් කරමින් තිබිණි.සැබවින්ම එය ද්විත්ව ග්‍රහ පද්ධතියක් විය.නමුත් නිබිරු ග්‍රහලොව තම කක්ෂයෙන් ඉවත්වී සූර්යයාට දුරින් වෙනත් කක්ෂයක කක්ෂගත වීමෙන් පසුව එහි උෂ්ණත්වය ඉතා විශාල වශයෙන් පහත වැටීණි,වායුගෝලයේ තිබූ කාබන්ඩයොක්සයිඩ් ධ්‍රැවාසන්න ප්‍රදේශ වල වියලි අයිස් ලෙස මිදී ගියේය.දින දෙක තුනක් ඇතුළත නිබිරු ග්‍රහයා මත වූ ජීවය තුරන් වී ගිය අතර ඉන් සුමරු ග්‍රහලොවට ඇතිවූ බලපෑම වූයේ එහි පරිභ්‍රමණ කාලය සුළු වශයෙන් වෙනස් වීම පමණකි.කාලයාගේ ඇවෑමෙන් සුමරු ග්‍රහලොව මත ජීවය පරිණාමය වූ අතර ඔවුන් නිබිරු ග්‍රහලොව,යුද්ධයට අධිපති යන අර්ථයෙන් "අඟහරු" ලෙස නම් කළහ.නමුත් එය බොහෝ කාලයකට පෙර තම කක්ෂයෙන් මිදී ගිය,තම මව් ග්රහලෝකයෙහි එකම නිවුන් සහෝදරයා බව කිසිවෙකු දැන සිටියේ නැත.

"අපි මැරෙන්නයි යන්නේ"
ලූකස් උමතුවෙන් මෙන් කෑගැසීය.
ලුක්ගේ හඬින් වටපිට බැලූ සියලුදෙනාටම ඊළඟට සිදුවන්නට යන දේ මනාව පැහැදිලි විය.ඔවුන් සිටි වේදිකාව වටකර තිබූ දැවැන්ත පවුරු හතර ක්ර්මයෙන් එකෙනෙක ළං වෙමින් පැවතිණි.තව නොබෝ වෙලාවකින් ඔවුන්ගේ සිරුරු වල ඇටකටු පවා තැලී පොඩිවී යනු ඇත.
මතු සම්බන්ධයි....