දන්නෙම නැතුව තවත් අවුරුද්දක් ගෙවිලා ගියා නේද? :-) සමහර වෙලාවට කාලය යනවා තේරෙන්නේ නෑ!!! ජීවිතේ ඔහොම තමයි.තත්පරෙන් තත්පරේ ගෙවිලා යනවා,අපි වයසට යනවා :-D කෙනෙක්ට තමන්ගෙ පරණ වැරදි හදාගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හොඳ අවස්ථාවක් මේක.අපි හැමෝම අළුත් වෙමු.අපි ළඟ තියෙන සුළු අඩුපාඩු උනත් කමක් නෑ ඒවා පුලුවන් තරම් දුරට හදාගෙන තව තවත් නිහතමානී වෙන ගමන් අපි ජීවිතේ ඉස්සරහට යමු :-) හැමෝටම ජය!!!!!!!!
තාත්තාටත් දුවටත් දෙලොව රත්වුණු ‘ෆේස්බුක් ආදරය’-[දින කිහිපයකට කලින් සිදුවූ සත්‍ය සිදුවීමක්]23/12/2013 දකුණු පළාත් රජයේ කාර්යාල යක සේවයේ යෙදෙන මැදිවි යේ පසුවන විවාහක පුද්ගල යෙකු අන්තර්ජාලය හරහා ෆේස් බුක් (FB) මඟින් ලාබාල යුවතියක සමඟ බොහෝ කාල යක් චැට් කරමින් මානසික වින්දනයක් ලැබුවේය.
මේ අයුරින් හඳුනාගත් ඔවුන්ගේ රසබර රාගී කතා නිසාම l ඉක්මනින් ඔවුහු පෙම්වතුන් බවට පත්වූහ. අපි ඔවුන් නුවන් සහ සෙව්වන්දි ලෙස හඳුන්වමු. තවමත් පාසල් සිසුවියක වූ සෙව්වන්දිට පියා විසින් පරිගණක යක් ලබාදුන්නේ සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ නිසාය.යහළු යෙහෙළියන් සමඟ නිතර ෆේස් බුක් හරහා චැට් කරන ඇයට නුවන් හඳුනාගැනීමට හැකිවූයේ තම යෙහෙළියකගේ පෙම්වතාගේ සගයෙකු ලෙසිනි. මොවුන්ගේ ආදරය කෙතරම් දුරදිග ගියේද පැවසුවහොත් ඔවුනොවුන් හමුවීමේ ආශාව ඉතාමත් දැඩි විය.කිසිදිනක නොදුටු දෙදෙනාගේ දසුන දැක ගැනීමට සතියේ දිනක උදේ කාලය යොදා ගත්තේ පාසල් යන මුවාවෙන් ඇයට පැමිණිය හැකි බැවිනි. ඒ සතියේම සිකුරාදා ගාල්ල ප්‍රදේශයේ දී හමුවීමට ඔවුහු කතිකා කර ගත්තේ ගාල්ල බස් නැවතුම්පොළේදී හමුවී සුදුසු ස්ථානයකට යාමේ අභිලාෂයත් සමඟිනි. උදෑසන තම බිරිය විසින් සකසා දුන් බත් පාර්සලය ද රැගෙන කාර්යාලයට යන බව පවසා ජැන්ඩියට ඇඳ පැළඳ ගත් නුවන් වෙලාවටත් පෙර නියමිත ස්ථානයට ගියේ මහත් ප්රබෝධයකිනි.පාසල් ඇඳුමෙන් සැරසුණු සෙව්වන්දි හොර රහසේ පොත් බෑගය තුළට පාට ඇඳුමක් දමා ගත්තේ පාසල් නොගොස් යෙහෙළියකගේ නිවසට ගොස් ඇඳුම් මාරු කරගෙන අදාල ස්ථානයට ගොස් පෙම්වතා හඳුනා ගැනීමේ දැඩි ආශාවෙනි.සවස පෞද්ගලික පන්ති ඇති හෙයින් ඊට ගාස්තු ගෙවිය යුතු බව පවසා මවගෙන් වැඩිපුර මුදලක් ද ලබාගත් ඇය සමනලියකසේ සතුටින් ඉගිල ගියේ තම ප්‍රථම ප්‍රේමය අත්විඳීමේ අපේක්ෂාවෙනි. එදිනට අඳින ඇඳුම පිළිබඳව දෙදෙනා කතිකා කර ගත්තේ ඔවුනොවුන් හඳුනාගත හැකි නොවරදින සංකේතය එය බැවිනි. ගාල්ල බස් නැවතුම් පොළේ මාතර බස් නැවතුම අසල සිටි නුවන් අවට සිසාරා තම දෑස් යොමු කළේ කොයි මොහොතේ තම පෙම්වතිය දැක ගැනීමට ලැබේදැයි යන කුතුහලයෙනි. ගෙවී ගියේ සුළු මොහොතකි.රෝසපාට ඇඳුමකින් සැරසී රතුපාට බෑගයක් අතෙහි දරා තමා ඉදිරියට එන යුවතිය පිළිබඳ ඔහු විමසිලිමත් විය.සෙව්වන්දිගේ හිතේද මැවී තිබුණේ නවීන පන්නයට සැරසුණු දඟකාර හැඩකාර තරුණයෙකුගේ රූපයකි. එහෙත් අත්දිග රෝසපාට කමිසයකින් සැරසී එතැන සිටියේ වයස අවුරුදු පනහක පමණ මැදිවියේ පුද්ගලයෙකි. ඇයට දෙවියන් සිහිවිය. නිවසට හොරෙන් පැමිණි ගමන පියාගේ අතටම හසුවූවායැයි ඇය තැති ගත්තාය. “දෙවියනේ තාත්ත මොකද මෙතන කරන්නේ අද කන්තෝරුවට ගියේ නැද්ද?” “මම අහන්නෙ දුව මොකද මෙහේ?” දෙදෙනාටම සත්‍ය වැටහුණේය. ඔවුන් දෙදෙනාම කර ඇත්තේ සුළුපටු වරදක් නොවේ. මෙපමණ කාලයක් ෆේස් බුක් හරහා පෙම්වතුන් ලෙස චැට්කර ඇත්තේ පියා සහ දියණියයි. [අන්තර්ජාලය ඇසුරිනි] ඔන්න අද කාලෙ වෙන වැඩ !!!! හික්ස්....! නාකි විසේ °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° [කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා] Facebook පිටුවට "like" එකක් දාල යන්න මෙතැනින් අහෝ දුකකි ඉරකි තිතකි,ඔව් ඔව් මේ කතාව පටන් ගන්නෙ එහෙම තමයි.මේව දකිද්දි දුකටත් වඩා තරහයි. උඩ වාක්‍යයේ තිතකි කියන එක වෙනස් වෙලා තිත් කොමාවකි කියන්න වෙන තරමට වැඩත් එක්ක අනිත් එව්වා සීමා වෙනවා. බ්ලොග් එකේ සිංහල රෙන්ඩරින්ං සම්බන්ධව තිබුන ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් විසඳගත්ත හින්දා ආයෙත් පරණ කතාටික කොන්ටිනියු කොරන්ට හිතාගෙන අන්තර්ජාලෙ පැත්තෙ ආවත් කතා පැත්තක තියලා මේක මුලින්ම ලියලා හිටියොත් හොඳයි කියලා හිතුනා.ඒ ඊයෙ වෙච්ච සිද්දියක් හින්දා..මේකයි උනේ.. ඊයෙ මම බුකියට ඇවිත් ඒ වෙලේ ඔන් ලයින් හිටිය අයත් එක්ක චැටක් දාගෙන ඉද්දි එකෙක් මට එවපි... "මෙන්න මේක රිපෝට් කරන්ඩෝ..." කියලා ලින්ක් එකක්. තව කියපි.. "කෙල්ලන්ගේ ෆොටෝ දාලා හදපු ජරා පේජ් එකක් කියලා"මාත් ඉතින් ගිහින් බැලුවා. කතාව ඇත්ත. අපේ ධර්මද්වීපයේ ජීවත් වෙන සද්ගුණවත් අයියලා මල්ලිලා අංකල්ලා ඇන්ටිලා(මේවනම් ෆේක් වෙන්න ඇති) 80,000ස් ගානක් ලයික් කරලත් තිබුනා. මේව කරන උන්ට වෙන වැඩ නැද්ද කියලත් හිතෙනවා වෙලාවකට :-P ඉන්නම බැරිනම් මොකක්හරි නමකිම්න් පේජ් එකක් හදාගෙන ජෝක්ස් අප්ඩේට් කර කරවත් හිටපන්.උං හැසිරෙන්නෙ නිකං තමන්ට අක්කලා නංගිලා නෑ වගේ.අනික වැඩි කාලයක් යන්න කලින් මේ ආසියාවේ මුතු ඇටය ඇතුලෙ මොනව නැතත් මානසික රෝහල් නම් වැඩි වෙයි. ලංකාවේ විතරක් ඔය වගේ ෆේස්බුක් පේජ් සෑහෙන ගොඩක් තියනවා. මේ සමහර ඒවයේ 100000ක් පැනලා ලයික් කල අයත් ඉන්නවා. අඩුමගානේ 30000-40000ක්වත් මේ පේජ් එකක් රිපෝට් කලොත් විතරයි මේකක් බ්ලොක් කරන්න පුළුවන්. මේකක් බ්ලොක් කල පලියට මේක කරන එකා මේ වගේ වෙන එකක් කරන එක නවතිනවද. මේ පේජ් එකක ඇඩ්මින් මොකාද කියලා අපි දන්නෑ කියලා හිතමු. ඒත් ඒ පේජ් එකක පල්ලෙහාට ගිහාම අපේ ගෞරවනීය අයියලා මල්ලිලා.. .. ඉස්පෙසලි අන්කල්ලා (මං දන්නෑ ඒ ඇයි කියලා. ආන්ටිලගේ ප්‍රශ්ණයක්ද දන්නෑ).. .....තමන්ගේ ප්‍රොෆයිල් වලින්ම කමෙන්ට් කරන ඒවා "මෙන්න මගේ නම්බර් එක මටත් කතා කරන්න" වගේ දාන කමෙන්ට් වලින් හිතෙන්නේ ඇත්තටම රිපෝට් කරන්න ඕනි මේ වගේ පේජ් ද නැත්නම් අර වගේ ප්‍රොෆයිල්ද කියන එක.සමහරවිට අලුත්ම විදියක වසංගත රෝගයක් සයිබරේ ඇතුලෙ පැතිරිලා යනවාද දන්නෙ නෑ නේ!!! ඒක හින්දා ගෑණු ළමයි පොඩ්ඩක් හිතන්න. මේ ගොඩක් ඒවයේ තියෙන්නේ ලංකාවේ ගෑණු ළමයින්ගේ බොහොම සංවර පින්තූර. ගොඩක් ඒවා හොඳට ඇදගෙන වැදගත් විදිහට ගත්ත සාමාන්‍ය පින්තූර.ඒ ගොඩක් පින්තූර ඒ ඒ ගෑණු ළමයි ස්ව කමැත්තෙන් අන්තර් ජංජාලෙට ඉත සිතින් බැති සිතින් මුදා හැරපුවා. දැන් මං මේ කියන්නේ එහම කරන්න එපා කියලා නෙවෙයි ඈ??? සමහර ගෑණු ළමයි ඉන්නවා එන ඕනෙම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ඇක්සෙප්ට් කරන....(සමහර උං ඉන්නවා විනෝදාංශයක් විදියට කොල්ලන්ගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකතු කරන)ඇත්තටම ඔය දෙගොල්ලගෙම මොලේ අහවල් දිහා ඉඳන්ම.....සමහර එවුන්ගෙ ප්‍රොෆයිල් තියෙනවා උන්ගෙ නම් මොනවද කියලා කියවගන්නවත් බෑ,වෙන කිසිම දෙයක් තියා ඉතින් තමන්ගෙ නම වත් හරියට දාල නැතුව බුකිය පැත්තෙ එන්නෙ ඉතින් මොන මොන වැඩ වලටද කියාලා අමුතුවෙන් කියන්න ඕන නෑ මං හිතන්නේ. මෙහෙම දෙයක් කෙල්ලෙක්ට කිව්වාම කියන්නේ "අනේ අපි ඕවා දන්නෑ. අපි ඕවට නෑනේ. අපි කාටවත් පේන්න පොටෝ දාන්නෑනේ,යාළුවන්ට පේන්න විතරයි මම පොටෝ දාන්නේ. ඔය ටැග් කල එකක් වෙන්න ඇති" වගේ බර කතා. තමන්ට දෙයක් වෙලා තමන්ගේ පස්ස පැත්තට රිදෙනකම් සමහර කෙල්ලන්ට කිසිම ගානක් නෑ. (මම කිව්වෙ ෆේස්බුක් එකේ ඉන්න බහුතරය,මම දන්නා කිසිම කෙල්ලෙක් මෙහෙම නෑ.උන්ට යංත්ම් හරි මොළේ පොඩ්ඩක් තියෙනවා :-D ) "තමන් හෙනම කෑල්ලක් යැයි සිතා සිටින බොහෝමයක් කෙල්ලන් බුකියේ ඇත.දවසට අනිවාර්යෙන් පොටෝ දහයක් පහළොවක්වත් අප්ලෝඩ් කරනා එවැනි "මහා ඥාණවන්ත" ගෑල්ලමයෙක්ගේ ප්‍රොෆයිල් එකක් මා ඇස් දෙකටම දුටිමි.විටෙක් අං දෙක පෙන්වා තප්පුලමින් පොටෝ ගන්නා ඇය විටෙක අං දෙක සඟවා වල්ගය උස්සමින් පොටෝ ගනී.ඉන්පසු තණකොල බුදිමින් ඈතට යන පොටෝවක් දමා ඊට යටින් පඬි ටෝක් එකක් දමයි.රෑ වන විට නයිටියක් ඇඳගෙන කණ්නාඩිය ඉස්සරහට ගොස් පොටෝවක් ගසා එය අප්ලෝඩ් කරමින් ගුඩ් නයිට් කියයි.අපේ අයියලා කට ඇරගෙන ඒක දිහා බලාගෙන කොමෙන්ට් කරයි.නමුත් ගොනා ගොනාම බව දන්නෝ දනිති." [ගනං ගන්න එපා මම පොඩ්ඩක් තනියෙන් කියෙව්වට :-D ] ඔය වගේම මං දවසක් දැක්කා ළමා සාරියක් ඇඳගෙන නෙළුම් මල් ටිකක් අතින් අරං පන්සල් යන(පන්සල් වෙන්න ඇති :) )කෙල්ලෙක්ගේ පොටෝවක් මේ වගේ පේජ් එකක තිබුනා. ඒකේ තිබ්බ කමෙන්ට් මේ වගේ..... [මේව 14+] "පට්ට කෑල්ල මට %&$$% ^#@$^$#@ හිතෙනවා " "මට න$&* ඕයි" "නංගි මේ මගේ නම්බර් එක 07%@%@%@ මට කතා කරන්න" "සුදු නංගියෝ මට ඔයාව ඕනි" "මේකිට *&%$& තියනම් මට මලත් කමක් නෑ" "මගේ අතත් පන නෑ දැන්නම්" දැන් කවුද වැරදි??? මේ පේජ් එක හදපු එකා ද? මේ ෆොටෝ දාපු කෙල්ල ද? කෙල්ලගේ අම්ම ද? කමෙන්ට් කල අයද? මාක් සකර්බර්ග් ද? ඉන්ටනෙට් හොයා ගත්තු කෙනා ද? කම්පියුටරේ හොයා ගත්තු කෙනා ද? මේ ඔක්කොම පිට රට අය හදපුවා නෙවෙයි. අපේම ශ්‍රී ලාංකීය අභිමානවත් වැදගත් දෙමව්පියන්ගේ දරුවෝ හදපුවා. ඉනික් මේකට දෙන්න තියන උත්තරය....??? කෙල්ලන්ට ෆේස්බුක් තහනම්....පොටෝ දැමීම තහනම්....වගේ නීති දැමීමද...?? හෙට ඉඳන් තෝ පේස් බුකියට පොටෝවක් දාලා අහු උනොත් මරනවා කියලා තමන්ගේ අක්කට නංගිට ගර්ල් ෆ්‍රෙන්ඩ්ට සද්දේ දැමීමද...? නෑ.....ඒව විසඳුම් නෙවේ,එහෙනම් විසඳුම මොකක්ද????? 1) අපේ පැත්තෙන් අපි බේරිලා ඉන්න එක.(ගෑල්ලමයෙක්ගේ වදන්) 2)තම තමන් හිතලා තම තමන් වෙනම හැදෙන එක.(කෙල්ලො කොල්ලො දෙගොල්ලටම පොදුයි) ගෑල්ලමයින්ගෙ පැත්තෙන් වැදගත්ම දේ තමා තමන්ගෙ බුකියෙ යාලුවො කවුද කියලා හොඳට දැනගෙන ඉන්න එක.මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා කිහිපදෙනෙක් වගේ ඉන්න ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් කන්ෆර්ම් නොකර ඉන්න එක.මේක කොහොමටත් කියන්න දෙයක් නෙවේ.90%ක් ගෑල්ලමයි එහෙම තමයි.ඒත් ඔයා සමහරවිට ගොඩක් කල් ඉඳන් බුකියෙ ඉන්න කෙනෙක් නම් තමන්ගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක ආපහු බලලා නොදන්න අයව අයින් කරන එක නම් ඇඟට ගුණයි. කොල්ලොන්ට ඉතින් කියන්න තියෙන්නෙ මෙච්චරයි.....පළවෙනි දේ තමා වෙන වැඩක් ඇති වැඩකට ඔය මහංසිය යොදවපල්ලකො බං :-P අනික තමයි උඹලටත් අක්කලා නංගිලා ඇතිනේ!! උන් ගැන හිතලවත් දැන්වත් හැදියං!!!!!!!!!!! :-P :-D ඔච්චර තමා ඉතිං මගෙ මේ චූටි මොළේට තේරෙන්නේ!!! [සංවාදයට විවෘතයි] °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ෆේස්බුක් පිටුව "වෙනස්ම ලෝකයක්" ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක [කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා] ඔන්න මම අද කට්ටියට පොඩි තෑග්ගකුත් අරගෙනම මේ පැත්තට ආවා.මේක නිසා තමයි මේ දවස් ටිකේ වැඩිය බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනේ.මගෙ බ්ලොග් එක සාමාන්‍ය blog readers වලින් කියවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.ඒක නිසා මම හිතුවා බ්ලොග් එක කියවන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදන්න.කණගාටුවෙන් උනත් කියන්න වෙනවා ෆෝන් එකේ සිංහල පේන්නෙ නැති අය මේක ඩවුන්ලෝඩ් කරගන්න එපා.ළඟදිම දවසක,ෆෝන් එකේ සිංහල තිබුනත් නැතත් පාවිච්චි කරන්න පුලුවන් විදියට ඇප් එක හදලා දෙන්නම් :-) මේක තවම Beta Version එකක්.ඒ කියන්නෙ stable version එකක් කියලා officially release කරලා නෑ.ඒක නිසා පුලුවන් අය ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගෙ ෆෝන් එකේ ඒකෙ තියෙන හැම feature එකක්ම හොඳට errors නැතුව වැඩ කරනවාද බලන්න.මොනවහරි අවුලක් තිබුනොත් මාව contact කරගෙන කියන්න.එහෙමත් බැරි අය තරහා නැතුව මෙතන comment එකක් දාලා යන්න :-)
මතක ඇතුව කට්ටිය පළවෙනි පාරට ඇප් එක ඕපන් කරලා සින්ක්(refresh කරනවා කියලා හිතාගන්න) කරන්න(Menu එකේ ඇති) app එක මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න අද මම කියන්න යන්නෙ ටිකක් වෙනස්ම විදියක ස්ටෝරියක්,වෙනස් කියලා කිව්වෙ මේක නම් ගම් කිසිම දෙයක් මනඃකල්පිත නැති මේ පුංචි රටේ වෙච්ච ඇත්තම සිද්දියක්.මේ කතාවෙන් ඕනෙම කෙනෙක්ට ගොඩක් ආදර්ශමත්,ඒ කොහොම උනත් කියවලා රස විඳින්න පුලුවන්.ඒ වගේම ඔයාලගෙ අදහස්,එයාල වෙන මහන්සියට පුංචි උපහාරයක්. පෝස්ට් එකේ නම බැලුවම ඕන කෙනෙක්ට අයිඩියා එකක් එනවා මේක music සම්බන්ධ මොනවහරි දෙයක්ද කියලා,ඇත්තටම මේක අළුතින්ම පටන් ගත්ත බෑන්ඩ් එකක් ගැන කතාවක්.මේයාල "Amplifierz" (අර ඔයාල දන්න ඒව නෙවේ හරී?? ඒව amplifiers නේ!!!!) මේ බෑන්ඩ් එකේ අයගෙන් මම අදුනන්නේ නවම් අයියා.බෑන්ඩ් එකේ ඉන්නේ හතර දෙනයි.නම් වලින් කිව්වොත් නවම්,සමන්,වෙනුර සහ උදාර.එකම ක්ලාස් එකේ එකටම ඉඳගෙන A/L Maths කරපු කොල්ලො හතර දෙනෙක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවානම් පට්ටම මියුසික් පිස්සෝ හතර දෙනෙක්.මෙයාලගෙ බෑන්ඩ් එක වෝකල් බෑන්ඩ් එකක්.(ඒ කියන්නෙ track හදලා sing කරන බෑන්ඩ් එකක්.) එහෙනම් කතාව පටන් ගන්නම් මං අවුරුද්ද 2012,මාසය දෙසැම්බර් ගිය අවුරුද්දේ දෙසැම්බර් කියන්නේ මේ හතර දෙනාගෙම පිස්සු හොඳටම වැඩි වෙච්ච කාලයක්.අවුරුදු ගානක ඉඳන් ලංකාවෙ රිලීස් වෙන හැම සිංදුවක්ම වගේ අහල අධ්‍යනය කරලා තිබුන මේ පිස්සු කොල්ලො සෙට් එක හරියටම දෙසැම්බර් අට වෙනිදා නවම් අයියලාගෙ ගෙදරට සෙට් වෙනවා.මුංගේ විනෝදාංශය උනේ ඉඩ ලැබෙන හැම වෙලාවෙම අලුත් පරණ හැම ආටිස්ට් කෙනෙක්ගෙම සිංදු අහන එකනේ.ඒක නිසා කට්ටියට නොදැනුවත්වම එයාල මේ ෆීල්ඩ් එකේ ටිකක් දුර ඇවිත් හිටියා අත්දැකීම් වාගේ දේවල් වලින්.කොහොමහරි එදා කට්ටිය සැට් වෙලා පිස්සු නටනවා හොඳටම(දන්නවනේ ඉතින් කොල්ලො සෙට් එකක් එකතු උනාම) ඔය අතරෙ ඉතින් කට්ටිය සිංදු එහෙමත් කියනවානේ.මේ වෙලාවෙ තමයි සමන් තමන් කලින් ලියපු සිංඳු වගයක් මෙතන කියන්නෙ,ඒ සිංදු ටික කට්ටියගෙම හිතට අල්ලලා යනවා. ඔන්න ඔය අතරතුර තමයි මෙතන හිටපු කෙනෙක්ගෙ කුඩා මොළයට තේරෙන්නෙ මේ සිංදු තව ටිකක් හදලා මියුසික් ඇඩ් කරලා ගත්තාම නියමෙට තියෙයි කියලා,එයාගෙ අයිඩියා එක අහපු අනික් අයටත් මේ කතාව ඇත්ත කියලා තේරෙනවා.ඔන්න ඔහොම තමයි මේ බෑන්ඩ් එක පටන් ගන්නේ.එදා ඉඳන්ම කස්ටිය වැඩ පටන් ගත්තා. මේ බෑන්ඩ් එකට නම වැටුන එකෙ ගැනත් ලස්සන කතාවක් තියෙනවා.කට්ටිය සිංදු ලිය ලියා ඒවගෙ අඩුපාඩු සම්පූර්ණ කර කර ඉද්දි බෑන්ඩ් එකට නමක් දාගන්න ඕන උනා.හැමෝටම උනේ Maths,Physics,Chemistry සබ්ජෙක්ට් තුනත් එක්ක ගෑවෙන නමක් දාන්න.ඔය අතරෙ ඉතින් එක එක්කෙනා එක එක නම් යෝජනා කරනවා.ඇල්ෆා,බීටා,ගැමා කියයි.පී බ්ලොක් ඩී බ්ලොක් වගේ නම් කියයි.කොහොමත් ඉතින් ඒ වගේ නම් මිසුසික් බෑන්ඩ් එකකට ගැලපෙන්නෙ නෑ නේ.(ඒ උනාට පස්සෙ මෙයාලා google search කරලා බලද්දි d-block කියලත් බෑන්ඩ් එකක් තිබුනලු.) ඔය අතරවාරෙදි තමා උදාර මේ "Amplifirez" කියන නම ගැන අදහස දැම්මේ.කොහොමහරි හැමෝටම ඒ නම හිට් වෙලා අන්තිමේදි මේ කොල්ලො හතර දෙනාගෙ පුංචි බෑන්ඩ් එක "Amplifirez" උනා. බෑන්ඩ් එක පටන් අරන් ටික දවසක් යද්දි සිංදු හතරක් විතර ලිරික්ස් කරලා මෙලඩි කරලා ඉවර කරත් ඒව ඔරිජිනල් ට්‍රැක්ස් විදියට රිලීස් කරේ නෑ මුලින්ම.පස්සෙ සිංදුව රිලීස් කරගන්න මෙයාල sound engineer කෙනෙක්ව හොයාගන්නවා.මෙයාලගෙ එක track එකක් කියන්නෙ හතර දෙනාගෙම මහන්සියෙ එකතුවක්.කොහොම කොහොමහරි කොල්ලො ටික කැපවීමෙන් වැඩ කරලා පළවෙනිම පාරට මෙයාලගෙම කියලා track එකක් අවුට් කරනවා.ඒක තමා "අවසන් සුසුම්" .මේ ට්‍රැක් එක මෙයාලා රිලීස් කරේ මේ මාසෙ දහ වෙනිදා...හරියටම ෆ්ස්ට් ඇනිවර්සරි එකට දවක් දෙකක් පහු වෙලා. මම මේ පෝස්ට් එක ලියන්න හේතු දෙකක් තිබුනා :-) එකක් ඇත්තටම මේ සිංදුව ලස්සනයි.ඒ වගේම පළවෙනිම track එක උනත් සවුන්ඩ් මික්සිං,මෙලඩි මැනේජ්මන්ට් එක්සලන්ට්!!දෙවැනි හේතුව තමයි මමත් මියුසික් පිස්සෙක් :-D මම දන්නවා track එකක් compose කරලා lyrics කරලා සේරම වැඩ ටික කරගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා.මේ ඒ මහන්සියට පොඩි උපහාරයක් :-) ඔයාලත් මේ සිංදුව අහන්න.අදහස් යෝජනා චෝදනා මෙතන කමෙන්ට් කරන්න.නවම් අයියා කමෙන්ට්ස් වලට රිප්ල්යි කරයි.නැත්තම් එයාලගෙ බෑන්ඩ් එක contact කරගෙන කියන්න.මම හිතනවා මෙයාලගෙ ගමනට මේව ගොඩක් උදව් වෙයි කියලා.කොහොමහරි අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරන්නෙ ටික දවසකින්ම මුලු ලංකාවම කතා වෙන තැනට බෑන්ඩ් එකේ නම ගෙනියන්න ලැබේවායි කියලයි.ඔන්න මම ගියා එහෙන්ම් ;-) පස්සෙ හම්බවෙමු!!!! **************************************************
තම පෙම්වතිය ළඟ මියයන පෙම්වතෙකුගේ සිතිවිලි.... අවසන් සුසුම් හෙලා ප්‍රාණය මා තුටින් ගියා ඇයි ඔය හැටි නිල් නුවන් හෙලා මා දිහා බලන්නේ..... සමුගත් බව නොදැනමයි ඔයා ලංවෙලා හිදින්නේ.... දැන් නම් සැනසෙන්න බෑ ප්‍රියේ තුරුලෙහි වැතිරිලා...... ඔබ ලග මගෙ ආදරේ තියා මා ගතින් වෙන්වෙලා....... කදුලක් බිමට වැටී.... නිල් නෙතු රතු වී තැවී..... සුවදක් ඔබේ ඇවිත් මා ගත එතිලා පියමනි... ඒ සුසුම් ලෙස අරන් විදිනට තරම් නුපුලුවන්... වෙන් වෙලා දුර ගිහින් දැන් මා...ගතන් අසරණයි... සිතුවේ නෑ කවදා හෝ මෙලෙසින්...... දෑතින් ඔබේ අත ගිලිහිලා වැටිලා......... දෙකොපුල් රතු වෙලා සෙමින් දෑතින් මා බදා ගනි.... සයනේ වැතිරි ඔබ හිදි බලා....... නොකියා මා හොර රහසේ ගියා...... සිත දුර ඈත ගිහින් මා මෙලොවෙන් සමු අරන්... එනමුදු ඔබේ ලගින් ඉන්න පෙරුම් පිරු තරම්.... මතුබවේ ඔබ මගෙ ලග ඉන්න එන්නේම නම්.... හිත හදා මා යමි සැනසුම් ස්වර්ගෙ බලා...... මෙතෙකින් නිම වීලා ආදර ජාලා..... දුකෙහි සතපා ඔය මුවෙහි සිනහා... මා වරදක් නොවේ කලේ මේ මගෙ දෛවයෝගෙ වේ.... හැකි නම් වෙන තුරුලක පහස සොයා..... ගියමුත්..... මා නෑ වෙන්නේ නම් තරහා..... අවසන් සුසුම් හෙලා....... |