වෙනස්ම ලෝකයක්(ඇත්තටම වෙනස්)
contact blog
  • Home
  • Contact

ලංකාවේ ගෑල්ලමයි සහ නොමනා ෆේස්බුක් පිටු-(14+)

18/12/2013

14 Comments

 
Picture
අහෝ දුකකි ඉරකි තිතකි,ඔව් ඔව් මේ කතාව පටන් ගන්නෙ එහෙම තමයි.මේව දකිද්දි දුකටත් වඩා තරහයි.

උඩ වාක්‍යයේ තිතකි කියන එක වෙනස් වෙලා තිත් කොමාවකි කියන්න වෙන තරමට වැඩත් එක්ක අනිත් එව්වා සීමා වෙනවා. බ්ලොග් එකේ සිංහල රෙන්ඩරින්ං සම්බන්ධව තිබුන ප්‍රශ්න  සෑහෙන ප්‍රමාණයක් විසඳගත්ත හින්දා ආයෙත් පරණ කතාටික කොන්ටිනියු කොරන්ට හිතාගෙන අන්තර්ජාලෙ පැත්තෙ ආවත් කතා පැත්තක තියලා මේක මුලින්ම ලියලා හිටියොත් හොඳයි කියලා හිතුනා.ඒ ඊයෙ වෙච්ච සිද්දියක් හින්දා..මේකයි උනේ..


ඊයෙ මම බුකියට ඇවිත්  ඒ වෙලේ ඔන් ලයින් හිටිය අයත් එක්ක චැටක් දාගෙන ඉද්දි එකෙක් මට එවපි...
"මෙන්න මේක රිපෝට් කරන්ඩෝ..." කියලා ලින්ක් එකක්. තව කියපි.. "කෙල්ලන්ගේ ෆොටෝ දාලා හදපු ජරා පේජ් එකක් කියලා"මාත් ඉතින් ගිහින් බැලුවා. කතාව ඇත්ත. අපේ ධර්මද්වීපයේ ජීවත් වෙන සද්ගුණවත් අයියලා මල්ලිලා අංකල්ලා ඇන්ටිලා(මේවනම් ෆේක් වෙන්න ඇති) 80,000ස් ගානක් ලයික් කරලත් තිබුනා. මේව  කරන උන්ට වෙන වැඩ නැද්ද කියලත් හිතෙනවා වෙලාවකට :-P ඉන්නම බැරිනම් මොකක්හරි නමකිම්න් පේජ් එකක් හදාගෙන ජෝක්ස් අප්ඩේට් කර කරවත් හිටපන්.උං හැසි‍රෙන්නෙ නිකං තමන්ට අක්කලා නංගිලා නෑ වගේ.අනික වැඩි කාලයක් යන්න කලින් මේ ආසියාවේ මුතු ඇටය ඇතුලෙ මොනව නැතත් මානසික රෝහල් නම් වැඩි වෙයි.

ලංකාවේ විතරක් ඔය වගේ ෆේස්බුක් පේජ් සෑහෙන ගොඩක් තියනවා. මේ සමහර ඒවයේ 100000ක් පැනලා ලයික් කල අයත් ඉන්නවා. අඩුමගානේ 30000-40000ක්වත් මේ පේජ් එකක් රිපෝට් කලොත් විතරයි මේකක් බ්ලොක් කරන්න පුළුවන්. මේකක් බ්ලොක් කල පලියට මේක කරන එකා මේ වගේ වෙන එකක් කරන එක නවතිනවද. මේ පේජ් එකක ඇඩ්මින් මොකාද කියලා අපි දන්නෑ කියලා හිතමු. ඒත් ඒ පේජ් එකක පල්ලෙහාට ගිහාම අපේ ගෞරවනීය අයියලා මල්ලිලා.. ..

ඉස්පෙසලි අන්කල්ලා (මං දන්නෑ ඒ ඇයි කියලා. ආන්ටිලගේ ප්රශ්ණයක්ද දන්නෑ)..      

.....තමන්ගේ  ප්රොෆයිල් වලින්ම කමෙන්ට් කරන ඒවා "මෙන්න මගේ නම්බර් එක මටත් කතා කරන්න" වගේ දාන කමෙන්ට් වලින් හිතෙන්නේ ඇත්තටම රිපෝට් කරන්න ඕනි මේ වගේ පේජ් ද නැත්නම් අර වගේ ප්රොෆයිල්ද කියන  එක.සමහරවිට අලුත්ම විදියක වසංගත ‍රෝගයක් සයිබරේ ඇතුලෙ පැතිරිලා යනවාද දන්නෙ නෑ නේ!!! ඒක හින්දා ගෑණු ළමයි පොඩ්ඩක් හිතන්න.

මේ ගොඩක් ඒවයේ තියෙන්නේ ලංකාවේ ගෑණු ළමයින්ගේ බොහොම සංවර පින්තූර. ගොඩක් ඒවා හොඳට ඇදගෙන වැදගත් විදිහට ගත්ත සාමාන්ය පින්තූර.ඒ ගොඩක් පින්තූර ඒ ඒ ගෑණු ළමයි ස්ව කමැත්තෙන් අන්තර් ජංජාලෙට ඉත සිතින් බැති සිතින් මුදා හැරපුවා. දැන් මං මේ කියන්නේ එහම කරන්න එපා කියලා නෙවෙයි ඈ??? සමහර ගෑණු ළමයි ඉන්නවා එන ඕනෙම ෆ්‍රෙන්ඩ් ‍රික්වෙස්ට් එකක් ඇක්සෙප්ට් කරන....(සමහර උං ඉන්නවා විනෝදාංශයක් විදියට කොල්ලන්ගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකතු කරන)ඇත්තටම ඔය දෙගොල්ලගෙම මොලේ අහවල් දිහා ඉඳන්ම.....සමහර එවුන්ගෙ ප්‍රොෆ‍යිල් තියෙනවා උන්ගෙ නම් මොනවද කියලා කියවගන්නවත් බෑ,වෙන කිසිම දෙයක් තියා ඉතින් තමන්ගෙ නම වත් හරියට දාල  නැතුව බුකිය පැත්තෙ එන්නෙ ඉතින් මොන මොන වැඩ වලටද කියාලා අමුතුවෙන් කියන්න ඕන නෑ මං හිතන්නේ.

මෙහෙම දෙයක් කෙල්ලෙක්ට කිව්වාම කියන්නේ "අනේ අපි ඕවා දන්නෑ. අපි ඕවට නෑනේ. අපි කාටවත් පේන්න පොටෝ දාන්නෑනේ,යාළුවන්ට පේන්න විතරයි මම පොටෝ දාන්නේ. ඔය ටැග් කල එකක් වෙන්න ඇති" වගේ බර කතා. තමන්ට දෙයක් වෙලා තමන්ගේ පස්ස පැත්තට රිදෙනකම් සමහර කෙල්ලන්ට කිසිම ගානක් නෑ. (මම කිව්වෙ ෆේස්බුක් එකේ ඉන්න බහුතරය,මම දන්නා කිසිම කෙල්ලෙක් මෙහෙම නෑ.උන්ට යංත්ම් හරි මොළේ පොඩ්ඩක් තියෙනවා :-D )

"තමන් හෙනම කෑල්ලක් යැයි සිතා සිටින බොහෝමයක් කෙල්ලන් බුකියේ ඇත.දවසට අනිවාර්‍යෙන් පොටෝ දහයක් පහළොවක්වත් අප්ලෝඩ් කරනා එවැනි "මහා ඥාණවන්ත" ගෑල්ලමයෙක්ගේ ප්‍රොෆයිල් එකක් මා ඇස් දෙකටම දුටිමි.විටෙක් අං දෙක පෙන්වා තප්පුලමින් පොටෝ ගන්නා ඇය විටෙක අං දෙක සඟවා වල්ගය උස්සමින් පොටෝ ගනී.ඉන්පසු තණකොල බුදිමින් ඈතට යන පොටෝවක් දමා ඊට යටින් පඬි ටෝක් එකක් දමයි.රෑ වන විට නයිටියක් ඇඳගෙන කණ්නාඩිය ඉස්සරහට ගොස් පොටෝවක් ගසා එය අප්ලෝඩ් කරමින් ගුඩ් නයිට් කියයි.අපේ අයියලා කට ඇරගෙන ඒක දිහා බලාගෙන කොමෙන්ට් කරයි.නමුත් ගොනා ගොනාම බව දන්නෝ දනිති."

[ගනං ගන්න එපා මම පොඩ්ඩක් තනියෙන් කියෙව්වට :-D ]

ඔය වගේම මං දවසක් දැක්කා ළමා සාරියක් ඇඳගෙන නෙළුම් මල් ටිකක් අතින් අරං පන්සල් යන(පන්සල් වෙන්න ඇති :) )කෙල්ලෙක්ගේ පොටෝවක් මේ වගේ පේජ් එකක තිබුනා. ඒකේ තිබ්බ කමෙන්ට් මේ වගේ.....

[මේව 14+]

"පට්ට කෑල්ල මට %&$$% ^#@$^$#@ හිතෙනවා "
"මට න$&* ඕයි"
"නංගි මේ මගේ නම්බර් එක 07%@%@%@ මට කතා කරන්න"
"සුදු නංගියෝ මට ඔයාව ඕනි"
"මේකිට *&%$& තියනම් මට මලත් කමක් නෑ"
"මගේ අතත් පන නෑ දැන්නම්"

දැන් කවුද වැරදි???

මේ පේජ් එක හදපු එකා ද?
මේ ෆොටෝ දාපු කෙල්ල ද?
කෙල්ලගේ අම්ම ද?
කමෙන්ට් කල අයද?
මාක් සකර්බර්ග් ද?
ඉන්ටනෙට් හොයා ගත්තු කෙනා ද?
කම්පියුටරේ හොයා ගත්තු කෙනා ද?

මේ ඔක්කොම පිට රට අය හදපුවා නෙවෙයි. අපේම ශ්රී ලාංකීය අභිමානවත් වැදගත් දෙමව්පියන්ගේ දරුවෝ හදපුවා.

ඉනික් මේකට දෙන්න තියන උත්තරය....???
කෙල්ලන්ට ෆේස්බුක් තහනම්....පොටෝ දැමීම තහනම්....වගේ නීති දැමීමද...??

හෙට ඉඳන් තෝ පේස් බුකියට පොටෝවක් දාලා අහු උනොත් මරනවා කියලා තමන්ගේ අක්කට නංගිට ගර්ල් ෆ්රෙන්ඩ්ට සද්දේ දැමීමද...?

නෑ.....ඒව විසඳුම් නෙවේ,එහෙනම් විසඳුම මොකක්ද?????

1) අපේ පැත්තෙන් අපි බේරිලා ඉන්න එක.(ගෑල්ලමයෙක්ගේ වදන්)
2)තම තමන් හිතලා තම තමන් වෙනම හැදෙන එක.(කෙල්ලො කොල්ලො දෙගොල්ලටම පොදුයි)

ගෑල්ලමයින්ගෙ පැත්තෙන් වැදගත්ම දේ තමා තමන්ගෙ බුකියෙ ‍යාලුවො කවුද කියලා හොඳට දැනගෙන ඉන්න එක.මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා කිහිපදෙනෙක් වගේ ඉන්න ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් කන්ෆ‍ර්ම් නොකර ඉන්න එක.මේක කොහොමටත් කියන්න දෙයක් නෙවේ.90%ක් ගෑල්ලමයි එහෙම තමයි.ඒත් ඔයා සමහරවිට ගොඩක් කල් ඉඳන් බුකියෙ ඉන්න කෙනෙක් නම් තමන්ගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක ආපහු බලලා නොදන්න අයව අයින් කරන එක නම් ඇඟට ගුණයි.

කොල්ලොන්ට ඉතින් කියන්න තියෙන්නෙ මෙච්චරයි.....පළවෙනි දේ තමා වෙන වැඩක් ඇති වැඩකට ඔය මහංසිය යොදවපල්ලකො බං :-P අනික තමයි උඹලටත් අක්කලා නංගිලා ඇතිනේ!! උන් ගැන හිතලවත් දැන්වත් හැදියං!!!!!!!!!!! :-P :-D ඔච්චර තමා ඉතිං මගෙ මේ චූටි මොළේට තේරෙන්නේ!!!


[සංවාදයට විවෘතයි]
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ෆේස්බුක් පිටුව

"වෙනස්ම ලෝකයක්" ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක

[කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා]
14 Comments
Unknown
17/12/2013 11:22:45 pm

එක පයින්ම එකාඟ වෙම්

Reply
sudara
18/12/2013 06:47:06 am

aththa mchan

Reply
ඔවිනි
18/12/2013 06:48:40 am

කාලීන මාතෘකාවක්

Reply
Krish
18/12/2013 09:22:08 am

mamath dakala thiyenawa

Reply
වත්සලා
18/12/2013 09:23:47 am

ඕව කතාකරන්නවත් ඉන්නෙ ටික දෙනයි යාලුවා :-(

Reply
තරිඳු මධුසංඛ
22/12/2013 03:53:22 pm

හිතාගන්න බෑ :-(

Reply
චාරු
18/12/2013 09:25:38 am

කොහොමත් ඉතින් ෆොටෝ නොදා හිටියනම් ගොඩක් හොඳයි

Reply
තරිඳු මධුසංඛ
22/12/2013 03:52:53 pm

එක අතකින් ඇත්ත :-)

Reply
dashtawathi
18/12/2013 09:27:53 am

wadiyenma duka hithenne mewa report karanda wath samaharunta one kamak nathi eka gana :( ahata anla kiwwath ganan gan nene :(
katada padu????!!!!

Reply
Tharindu Madhusanka
22/12/2013 03:51:27 pm

:-( හ්ම්ම්ම්ම්......

Reply
Miyani
18/12/2013 06:18:26 pm

lokaya pirihenawa,thawa tika dawasakin monawa weida kyla hithannawath ba ayya..eka parak mage poto ekakuth mehema dala thibuna.mage yaluwek thama matath kiwwe.dan nam e page eka na.mama e dawas tike hariyata kawe biwwewath na

Reply
තරිඳු මධුසංඛ
22/12/2013 03:50:52 pm

සොරි ටු හියර් දැට් නංගී :-(

Reply
පෝල් වෝකර්
18/12/2013 06:23:08 pm

මට හිතුනා උබ් මේක blog එකේ ලියයි කියලා ඒ වෙලාවෙ දුන්න talk ව්ලින් ;-) :-P එනිවේ නයිස් ආටිකල් මචන්,කාලීනයි

Reply
තරිඳු මධුසංඛ
22/12/2013 03:49:56 pm

හෙහෙ :-D ටැන්කූ මචෝ

Reply



Leave a Reply.

    Archives

    February 2014
    December 2013
    November 2013

    Categories

    All
    කෙටි කතා
    විද්‍යා ප්‍රබන්ධ

    Unique Hits
    Web Site Counter
    car seat covers
    Page Views
    Web Site Counters
    Office Depot Coupons

    පෝස්ට් ඊමේල් මගින් ලබාගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න:

    Delivered by FeedBurner

    අනෙක් පෝස්ට්

    RSS Feed


Powered by Create your own unique website with customizable templates.