"අදත් ලෝක චාටර් එකක් කන්න තමා වෙන්නෙ,ඇත්තටම මේකට මොනව වෙලාද මන්දා කොහෙවත් යන ජුන්නියෙක්ට පිස්සු වැටිලා ඉන්නේ"
කුසල් තනියෙන් කියවමින් රවිඳු පසුපස ගමන් කරනු පෙනිණි.
මල්සරා මුගේ හොඳම තැනකට විද ඇති බව සක්සුදක් සේ පැහැදිලිය. සැබවින්ම මූට මසකට ඊතල හත අටක්ම වදී,නොවැදුනහොත් මල්සරාට පගාවක් දී විදවාගනී.
දෙනෝදහක් තරුණ ගැහැණු ළමුන් මැද අවශ්‍ය එකියක් සොයා ගැනීම අපහසු බව තතු දන්නෝ දනිති.(කැත කෙල්ලෝ නම් මෙයට ගතවන කාලය විශාල වශයෙන් අඩු වනු ඇත).පළමුවන හේතුවනම් ඕනෑම කෙනෙක්ට අවබෝධ කරගත හැකි ප්‍රායෝගික අපහසුතාවයයි.දෙවැන්න කොල්ලන්ට පමණක් අවබෝධ කරගත හැකි අමුතුම ආකාරයේ එකකි.එය පසෙකින් තබමු.අදාළ නැති දේවල් කතා කිරීම කාලය නාස්ති කිරීමකි.
"ඒයි ඩෝ...අර බලපන් "
class නිමවී පාර අයින දිගේ තනියෙන් ගමන් කරමින් සිටි කලනි දෙස ඇඟිල්ල දිගු කරමින් කුසල් පැවසීය.
"වරෙන් යන්න ඉක්මනට.....නැත්තම් miss වෙන්න පුලුවන්"
ක්‍රමයෙන් දෙමිතුරන් ඇය වෙත ආසන්න විය.සැබවින්ම රවිඳුගේ කතාවේ සත්‍යක් තිබිණි.ඇය ගමන් කලේ ඈ පසුපස කොල්ලන් සේනාවක් එළවාගෙන එන පරිද්දෙනි,රවිඳුව දකිනවාත් සමඟම ඇය top gear එකටම දමා full රේස් කළද රවිඳුගේ අමුතුම වෙට්ටු හමුවේ ඇය මෙල්ල වන බව පෙනිණිි.ඉන් ගම්‍ය වන්නේ ඌට සෑහෙන එක්ස්පීරියන්ස් ඇති බව නොවේද?
රවිඳු යමක් පැවසීමට මුව විවර කලා පමණි.කලනි ඔහු දෙසට හැරුනාය.
"අනේ යන්න යන්න තාත්තා එනවා.........."
ඇය තම දෑතම උස් පහත් කරමින් පැවසීය.(එක්සයිස් කරනා විලාසයක් සිහිකරගන්න,පොඩි උන් දයියා දයියා කියා කෑ ගසන්නේද මෙසේය,වෙනසකට ඇත්තේ ඇය අතට පිම්ඹේ නැති එක විතරය)
"හරි හරි ඔයා කැමතිද නැද්ද කියලා විතරක් කියන්නකෝ.."
රවිඳු පැවසීය.
"අනේ යන්න යන්න තාත්තා එනවා.........."
නැවතත් පැරණි පිළිතුරමය.
"මේ මටනම් පේන්නෙ මෙයා ****** එකේ නෙවෙයි.සඳගල ඉස්කෝලෙ ගිය කෙනෙක් වගේ.බලපන්කෝ කන් ඇහෙන්නෙම නෑ නේ"
කුසල්ට තම කතාව නිමා කිරීමට නොහැකි විය.ඇගේ පියතුමාණන් ඉදිරියෙන් පැමිණ ඈට මොනවාදෝ පවසනු පෙණිනි.ඒ වන විට ඇය හා මිතුරන් අතර පරතරය මීටර් දෙක තුනකට වඩා නොවීය.සැබවින්ම මෙය ඕනෑම කොල්ලෙක්ට ඇඟ කිළිපොලායන යන අවස්ථාවකි(මුන්ගේ කිළි පෙලුවාදැයි මම නොදනිමි.මොකද මුං අමුතුම ඩයල්ය.) ඔවුන් දෙදෙනා අහිංසක හා පැටවුන් දෙදෙනෙකු සේ පිය-දියණි දෙදෙනා පසුකර යනු පෙනිණි.
"නූලෙන් බේරුණා!!! "
රවිඳු සුසුමක් හෙලමින් පැවසීය.
"ඔව් කොහොමත් තව ටිකක් නූලෙන් මිස් උනා නම් *******************" (බලධාරියා විසින් කපා හරින ලදී)
******************************************
මෙම සිදුවීමෙන් මාසයක් පමණ කාලයක් ගතවූ තැන 2012 අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ විය.ඉතිහාස ගතවන්නට ගිය ආදර කතාවක් එලෙස නිමා විය.(එසේ උන එක සිරාවටම හොඳය.)
P.S
මෙම කතාවේ එන සියලුම චරිත මනඃකල්පිත බව මම නැවත වරක් මතක් කර සිටිමි.අවසාන වශයෙන් ඔබේ දැනගැනීම සඳහා මම එක් දෙයක් පමණක් සඳහන් කරමි.රවිඳු,කුසල් සහ කලනි මේ වන විට බුකියේ හොඳම මිතුරන් බවට පත් වී සිටී.ආදර්ශමත් මහා ආදර කාව්‍යක් මිතුරු දමකින් අවසන් වූයේ එසේය.(කතාවේ අවසානය කෑවා යැයි මට කෑ නොගසන්න,එය කතාවේ චරිත වල වරදකි.)
නිමි.