"උඹම අහපන් ඉතින්.....මම පිටිපස්සෙන් එන්නම්,සෙරෙප්පුව වත් උස්සලා ගත්තොත් උඹවත් ඇදගෙන දුවන්න"
කුසල් සිනාසෙමින් තම මිතුරාට පැවසීය.
"පිස්සුද බං...එහෙම කරන්නෙ නෑ.....එහෙනං මෙලහකට මම කොච්චර සෙරෙප්පු පාරවල් කන්න ඕනෙද?"
මිතුරෝ දෙදෙනාම සිනාසුනහ.
********************************************
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි උමං මාර්ගය ඔස්සේ ඇවිද යන සුන්දර යුවතියකි,ඔහු පසුපසින් ගමන් කරනා පිරිමි ළමෝ දෙදෙනෙකි.
"හා දැං ඉතින් ගිහින් අහපං...." කුසල් සිනාසෙමින් පැවසීය.
"වරෙන් උඹත් යන්න මට තනියෙන් යන්න බෑ..."
"ඇයි උඹ බය වෙලාද දැන්? කොහොමද දුන්න talk නම්....යමං යමං ගිහින් අහපං....."
කුසල් පැවසුවේ රවිඳුව ඉදිරියට තල්ලු කරමිනි.
"උඹ left සයිඩ් එකට පලයං,මම right සයිඩ් එකෙන් යන්නම්......."
"මට මුලින්ම කියපන් උඹ යාලුවෙන්න අහන්නද යන්නෙ නැත්තම් ඒකිව උස්සන්නද?"
"ඇයි බං එහෙම අහන්නෙ..."
"නෑ ඉතිං...උඹ ඔය කියපු විදියට තමයි film වල බෑන්ක් රොබරි වලට යන්නේ,ඒකි බය වෙලා කෑ ගහයි යකෝ කොල්ලො දෙන්නෙක් ගිහින් දෙපැත්තෙන් වට කලාම"
"නෑ නෑ ශේප් එකේ යමුකෝ....."
දෙමිතුරෝ යුවතියට ආසන්න වන්නට විය.
"මේ මට ටිකක් කතා කරන්න පුලුවන්ද ඔයත් එක්ක?"
රවිදු පැවසුවේ ඇගේ උරහිසට තට්ටුවක් දමමින්ය.මේ මොහොතේ ඇති විය හැකි කුඩ හෝ සෙරෙප්පු සංදර්ශනයකින් පරෙස්සම් වීම සඳහා කුසල් මඳක් ගමන ස්ලෝව් කරනු පෙනිණි.
ඇය කිසිවක් කතා කලේ නැත,කෙල්ලන් එසේය.එය සියලු දෙනාම දනිති.
"මේ.....ම්හ්..මම ඔයාට කැමතියි.ඔයා මොකද කියන්නේ?"
රවිඳු කෙලින්ම වැඩට බැස ඇති සැටියකි.ඇය සිනාසෙමින් කුසල්ගේ මුහුණ දෙස බලමින් නැවතත් රවිඳුගේ මුහුණ දෙස බැලුවාය.වැඩේ ගොඩ ගියා වැනිය.එක්වරම අලංකාර සිනහවකින් මුස සරසාගත් අපගේ කතානායිකාව රවිඳු දෙස බලමින් මෙසේ පැවසුවාය,රවිඳු නම් එය ඇසීමට කන් දෙක ඈ දෙසට හරවමින් සිටියා විය යුතුය.
"අයියෝ අනේ.....ඔයාලා මල්ලිලානේ..."
කුසල් දෑතින්ම මුහුණ වසාගෙන ගමන ස්ලෝව් කරනු පෙනිණි.
මතු සම්බන්ධයි....