වෙනස්ම ලෝකයක්(ඇත්තටම වෙනස්)
contact blog
  • Home
  • Contact

පුනරාගමනය(පළමුවන කොටස)

23/11/2013

17 Comments

 
Picture
ඉහළ ආකාසයේ චන්ද්‍රයා මෝදු වෙමින් පැවතියේය.චන්ද්‍රයාගේ  සෞම්‍ය කිරණ සුපුරුදු පරිදි කාන්තාරයේ වැලි තල ආලෝකමත් කෙරෙමින් තිබිණි.ඉන් නිර්මාණය වී ගිය දහසකුත් එකක් සෙවණැලි කාන්තාර ‍රාත්‍රියේ ගුප්ත බව තව තවත් වැඩි  කරමින්,විවිධාකාර රටා මවමීන් වැලි තල පරයා නැගී තිබිණි.මෙම අනේක සෙවණැලි අතරින් පතාක යෝධයෙකු සේ නැගී සිටි මහා පිරමීඩය ක්‍රමයෙන් තම දිගු නින්දෙන් අවදි වෙමින් සිටියේය

සැබවින්ම අවුරුදු දහස් ගණනකට පසු නැවතත් ඒ දිනය උදාවෙමින් පැවතිණි.අහසේ තරු ගා චන්ද්‍රයා නියමිත අංශක හා කලා ගණනින් ස්ථානගත වූවාට පසු කිසිවෙකුත් නොදන්නා ක්‍රියාවලියක් සිදු වෙමින් පැවතිණි.මහා පිරමීඩයේ ශෛලමය ශීර්ෂය නැවතත් ‍ක්‍රමයෙන් ආලෝකමත් වන්නට විය .ඉන් පෙරී ආ චන්ද්‍රාලෝකය කුඩා දියමන්ති ක්‍රිස්ටල මගින් නිශ්චිත දිශානතියක් යටතේ එක් ලක්ෂයකට නාභිගත කෙරිණි ,පෘථිවි වාසියෙකුට කිසිසේත්න තේරුම් ගත නොහැකි වූ සංකේතාත්මක රූපාක්ෂර මාලාවක් ක්‍රමයෙන් ආලෝකමත් වෙමින් පැවතිණි.ඒ තුලින් පෙරී ගිය සමාන්තර චන්ද්‍ර ආලෝකය වස්තුවට සර්වසම ප්‍රතිබිම්බයක් සාදමින් වෘත්තාකාර තැටියක් මත පතිත විය.

********************************************

රැම්සේ තමා සිටින්නේ කොහිදැයි කල්පනා කරන්නට විය.ඔහුගේ සර්වාංගයම මහත් වූ වේදනාවකින් පෙළෙමින් පැවතුණි.තම කුටියෙන් ඉවතට පය තබනවාත් සමඟම ඇද වැටුණු ඔහු නැවත නැගිටීමට වෑයම් කරනු දක්නට ලැබිණි,තමා මිය යාමට ආසන්න බව ඔහුට නොහැඟුනා නම් එය පුදුමයට කරුණකි.නමුත් "සෝගෝ" ශිෂ්ටාචාරයේ එකම ගැලවුම් කරුවා තමා බව සිහියට නැගීමත් සමඟ ඔහු තම දෙපයින් සිට ගැනීමට සමත් විය.තමා කොපමණ කාලයක් නිරාහාරව නිද්‍රාගතව සිටියේ දැයි ඔහු කල්පනා කරන්නට විය .නමුත් ඒ පිළිබඳ දැනගත හැකි ක්‍රමයක් ඔහු සතුව නොවීය.ආහාර ගබඩාව වෙත අපහසුවෙන් ගමන් කල රැම්සේ එහි තිබූ කවාකාර ව්‍යුහයක් මත තම දෑත් තැබුවේය.


********************************************

මැදියම් රාත්‍රියේ හිටිගමන් අවදි වීම ලූකස් ට අරුමයක් නොවීය.ඒ ඔහු නිධන්ගත රෝගයකින් බොහෝ කලක සිට පීඩා විඳිනා බැවිනි.ඊජිප්තුවේ පුරා විද්‍යා කැණීම් සඳහා පැමිණ මාස හයක් ගත්වූ තැන ඔහුගේ සේවා කාලය නිමා වීමට ඉතිරිව තිබුණේ තවත් දින දෙකක් පමණි.ඒ පිළිබඳ සිතීම පමණක්ම ඔහුට මහත් අස්වැසිල්ලක් විය.කුටිය තුළ විදුලි පහන දැල්වූ  හෙතෙම එක හුස්මට වතුව වීදුරුවක්ම බීගෙන ගියේය.මඳ වේලාවක් සිසිල් ජලයේ ආශ්වාදය විඳගත් ඔහු සුපුරුදු පරිදි ඇඳෙහි දිගා විය.වීදුරු කවුලුවෙන් එපිට වූ සඳ එළියෙන් ආලෝකමත් වී තිබූ මහා පිරමීඩය දෙස බලාගත්වනම ඔහුගේ දෑස පියවී යන්නට විය.

********************************************

නින්දේ හෝ අඩ නින්දේ සිටි ලූකස් තිගැස්සී අවදි වූවේය.තමා දුටු දේ සත්‍යක්දැයි ඔහුටම විශ්වාස‍යක් නොවීය.ඔහු දුටුවේ පිරමීඩයේ ශෛලමය ශීර්ෂයෙන් එක්වරම ආලෝකයක් විහිදී යනු නොවේද,තමුන් සිටියේ අඩ නින්දේ බව සත්‍යක් වුවත් කිසිවක් නොදුටු බව පිලිගැනීමට ඔහුගේ සිත මැලිවන බව පෙනිණි.තම සගයන්ට මෙය පැවසීමෙන් සිදුවන සෙතක්ද නැත.ඔවුන් තමා උන්මත්තකයෙක් ලෙස සලකනු ඇත.කෙසේ නමුත් අවසානයේ තමා දුටු දේ හුදෙක් මනෝ විකාරයක් පමණක් බව විශ්වාස කරමින් ඔහු නැවතත් නින්දට වැටුණි.

*****************************************

BF-01 ගවේශණ කණ්ඩායම
ඊජිප්තු මහා පිරමීඩය අසල
පෙ.ව 7.18
වර්ෂ 2021

BF-01 ගවේශණ කණ්ඩායම ලූකස් ප්‍රමුඛ පුද්ගලයින් සත් දෙනෙකුගෙන් සමන්විතව තිබිණි.විද්‍යාව,සාහිත්‍ය,භාෂා, ඇතුළු විවිධාකාර ක්ෂේත්‍ර වල විශේෂඥයින් මෙම කණ්ඩායමට අයත් විය.දිනපතා පිරමීඩ‍ය අසළට පැමිණ ඒ පිළිබඳ අධ්‍යනය හා ගවේශණය කි‍රීම ඔවුන්ගේ රාජකාරිය වූ අතර ඔවුහු උනන්දුවෙන් තම කාර්යය අකුරටම ඉටු කරනු පෙණිනි.

"මිස්ට ලූකස්,ඔබතුමා හරිම සතුටින් වගේ අද..."

මහාචාර්ය වෙල්ෆ්ස් ලූකස් ගේ පිටට තට්ටුවක් දමමින් පැවසීය.

"ඇත්තටම...ඔබතුමා හරි,අද හවස මම මගේ ෆයිනල් රිපෝට්ස් ටික ෆයිල් කරනවා,ඊට පස්සෙ මට ගෙදර යන්න පුලුවන්"

ලූකස්ගේ හඬෙහි පෙර නොවූ විරූ උද්‍යෝගයක් ගැබ්වී තිබිණි.

"ඒකනම් සුභ ආරංචියක්,කොහොමත් අද ෆයිනල් විසිට් එකෙන් පස්සේ මේ පිරමිඩ් රිස‍ර්ච් ප්‍රොජෙක්ට් එක ට‍ර්මිනේට් කරයි මම හිතන්නේ,මාස හයට නිකං වියදම් ගියා මිසක් අළුත් කිසිම දෙයක් නෑ නේ"

"ඔව් ඒකනම් සහතික ඇත්ත, එහෙම උනොත් ගොඩක් හොඳ...."

ලුක්ට තම කතාව අවසන් කිරීමට නොහැකි විය.ඔවුන්ගේ කණ්ඩායමේ ඉදිරියෙන් ගිය අයෙකු කෑ ගසමින් ආපසු දිව එනු දක්නට ලැබිණි.

මහාචාර්යතුමා ඒක හරිම විශාලයි මහාචාර්යතුමා
දෙවියනේ මම ඇස් දෙකටම දැක්ක,එහෙම එකක් කලින් එතන තිබුනෙ නෑ,මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද දෙවියනේ...."

"ජෝන්,සන්සුන්වෙන්න ළමයෝ සන්සුන් වෙන්න......කියන්න මොකක්ද ඔයා දැක්කේ..."

මතු සම්බන්ධයි.....
17 Comments
Dini
23/11/2013 12:33:30 am

Future eke kathawak da liyanne?
Aliensla gana kiawena ekakda? ithuru tikath oni ikmanatama...

Reply
Tharindu Madhusanka
23/11/2013 12:40:32 am

හරි හරි...සේරම දාපුවාම බලන්නකෝ, :-)

Reply
oshani
23/11/2013 12:34:39 am

hodai bro :) bt stil hvng spellng mstks :)

Reply
Tharindu Madhusanka
23/11/2013 12:43:45 am

හික්ස් ;-) අයිම් නොට් මච් ගුඩ් විත් සිංහල ස්පෙලින්ග්ස් ;-) කට්ටියගෙ කරදරේ ;-) ඒකයි ඉක්මනට දැම්මේ,හෙට දිහාට රීකරෙක්ට් කරනවා :-B දැන් බෑ අෆ්ෆා :-) එනිවේ තෑන්ක්ස් ඔෂානි :-)

Reply
jojo
23/11/2013 12:56:51 am

super tharindu :)

Reply
Tharindu Madhusanka
23/11/2013 01:13:31 am

ටැන්කූ ජෝ ජෝ ;-)

Reply
Asiri Amarasinghe
23/11/2013 12:58:38 am

Nice work bro. keep it up...

Reply
Tharindu Madhusanka
23/11/2013 01:13:46 am

එල මචං

Reply
chathuka
23/11/2013 01:34:00 am

im waiting for next chapter. :) good job mcn.

Reply
Tharindu Madhusanka
23/11/2013 01:35:32 am

ටැන්කියු මචෝ :-)

Reply
namila007 link
23/11/2013 01:37:49 am

elaz!

Reply
Tharindu Madhusanka
23/11/2013 12:28:50 pm

තෑන්ක්ස් මචං :-)

Reply
Savithri Sarathchandra
23/11/2013 10:31:20 am

Arther C Clerk ge style eka wage tkak.
Excelent science fiction malliyazz !

Reply
Tharindu Madhusanka
23/11/2013 12:29:37 pm

ටෑන්කූ අක්කේ :-)

Reply
Savithri Sarathchandra
23/11/2013 10:32:04 am

Arther C Clerk ge style eka wage tkak. Excelent science fiction malliyazz !

Reply
Nishamini
23/11/2013 02:47:55 pm

Nice work!!!!Keep it up!!!!

Reply
Tharindu Madhusanka
23/11/2013 06:05:56 pm

තෑන්කිව් :-D

Reply



Leave a Reply.

    Archives

    February 2014
    December 2013
    November 2013

    Categories

    All
    කෙටි කතා
    විද්‍යා ප්‍රබන්ධ

    Unique Hits
    Web Site Counter
    car seat covers
    Page Views
    Web Site Counters
    Office Depot Coupons

    පෝස්ට් ඊමේල් මගින් ලබාගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න:

    Delivered by FeedBurner

    අනෙක් පෝස්ට්

    RSS Feed


Powered by
✕