සුපුරුදු පරිදි නැවතත් පංතිය ආරම්භ වූ අතර කාලය ගෙවී යන්නට විය.මේ අතර පිරිමි ළමුන් දෙදෙනාට පිටුපස පේළියේ සිටි අයෙක් රවිඳුගේ පිටට තට්ටු කරණු පෙනිණි.
"ආ මල්ලී...සෑහෙන වෙලාවක ඉඳලා කවුරුහරි දිහා බලනවා වගේ නේද?"
ආගන්තුක පුද්ගලයා ඇසක් ඉඟි මරමින් පැවසීය.ක්ෂණිකයෙන් රවිඳුගේ මුහුණට සිනාවක් නැගිණි.
"ඒහ්,වැඩේ මාට්ටු නේද?"
ඒ කුසල් ගේ හඬයි.
"උඹ පොඩ්ඩක් පණ්ඩිත නොවී හිටපන්කෝ,අවුලක් නෑ...."
"අවුලක් නැද්ද බලපංකෝ,උඹ බලන කෙල්ලගෙ කොල්ලද දන්නෙත් නෑ ඔය,අද කාලෙ ඔහොම කෙල්ලො තමා ඉන්නෙ"
කුසල් සිනාසෙමින් පැවසීය,
"ආ අයියේ,ඔව් ඉතින් දන්නෙ නැද්ද ඔය"
රවිඳු පිටුපස හැරෙමින් පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.
"ඒ.....ඔතන ඉන්න උන් set එක අපේ වයසෙ බං සේරම අහවල් ඉස්කෝලෙ(කුරුණෑගල ප්රසිද්ධ බාලිකා පාසලක නමක් පවසමින්),උඹ talk කරන්න අක්කෙක්ට මම හිතන විදියට,ඔය පෝළිමම අපේ වයසේ"
ඔහු සිනාසෙමින් පැවසීය.
"අම්මටහුඩු.............මල කෙලියයි" කුසල් ඔහුගේ සිනාව ආයාසයෙන් මැඩගනු පෙනිණි.
"එහෙම අවුලක් නෑ බං,කරනවනම් කරපං ඉතින්,අවුරුද්දයිනේ....ගුඩ් ලක් මල්ලියා,අනෙකා සිනාසෙමින් රවිඳුගේ පිටට තට්ටුවක් දැමුවේය.
"හරි හරි,එල...අයියා එයා ගැන දන්නවනම් විස්තර ටිකක් කියනවාද......."
රවිඳු තම උත්සාහය අත හැරීමට සූදාණම් නැති බව පෙනිණි.සැබවින්ම අක්කෙක්ට try කිරීම වරදක්ද.එය වරදක් වීමට හේතුවක් නැත.නමුත් හේතුවක් නැතිවම වරදක් වන දේවල් කොතෙකුත් සොයා ගත හැකිය.පඳුරකට ගැසූ විට දහයක් දොළහක්ම වැටෙනු ඇත.
"මොනවද උඹට දැනගන්න ඕනෙ? අපේ වයසෙ,නම කලනි,කලින් කොල්ලෙක් හිටියා ඒත් දැන් නෑ,එච්චර තමා මල්ලි මාත් දන්නෙ....එල එල වැඩේ කරගනින් කොහොමහරි,උඹට හරියයි.ඕල් ද බෙස්ට්. අපිත් ඔය කාලෙ අක්කලා talk කරානෙ"
රවිඳුගේ පිටට තට්ටුවක් දැමූ ඔහු නැවතත් තම කාර්යයෙහි නියැලෙනු පෙනිණි.
"ඒ..මේ ඔය වැඩේ නවත්තපං ඕක හරියන්නෙ නෑ"
කුසල් අමනාපයෙන් පැවසීය.
"පිස්සුද බං,ඒකි දන්නෙ නෑ මම මල්ලියෙක් කියලා,ඔන්න ඔහෙ අහලා බලමු මොකද වෙන්නෙ කියලා.......තට්ටු කරන්නාට දොර ඇරේ කියනවානේ"
"උඹ මගුලක් කතා කරනවා.වැඩිය තට්ටු කරන්න ගිහින් ඇඟිලි කඩාගන්න වෙයි.උඹ හිතන්නෙ ඒකි පොට්ටයි කියලාද? අනික නිකං චාටර් වෙන්න බෑ ඕයි." කුසල් අවඟාවෙන් පැවසීය.
"නෑ නෑ එහෙම වෙන්නෙ නෑ....උඹ දැක්කෙ නැද්ද අනික් කෙල්ලන්ට වඩා ඒකිගෙ වෙනසක්" රවිඳු පැවසීය.
"මොකක්ද යකෝ මම නොදැකපු උඹ දැකපු දේ???ඇයි උඹට කෙල්ලෙක් දිහා බැලුවම ඇඳුම් විනිවිද පේනවාද?"
කුසල්ගේ කතාවට දෙදෙනාටම සිනා නොවී සිටිය නොහැකි විය.
"නෑ නෑ බං,එයාට වැඩිය වයස පේන්නෙ නෑ.....බලමු,අද හවස අහමු අපි"
රවිඳු පැවසුවේය.
මතු සම්බන්ධයි.....